කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ග්‍රාමයේ පිහිටි ඉඩමක් සහ එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා බදු ගිවිසුම් සකස් කර එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඒ සඳහා තුන්වන පාර්ශවයක් යුතු ලෙස හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රු.ලක්ෂ 38ක් ගෙවීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එම ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රු.ලක්ෂ 13ක් යුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීමෙන් රජයට රු.ලක්ෂ 51ක මුදලක් පාඩු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


