PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් අද (04) පාර්ලිමේන්තු පිවිසුම වන පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් විශාල පිරියක් ඊට එක්ව සිටි අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඉදිරියට ගමන් කළ නමුත් ඊට පොලීසියෙන් කිසිදු බාධාවක් නොවීය. අනතුරුව එම ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් නැවත පාගමන දියත උයන පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවේ නිරත විය.

මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධාවන් එල්ල වීමද සිදුවිය.

රජය විසින් ගෙන ඒමට නියමිත උක්ත පනත ද්විත්වය තුළ රාජ්‍ය මර්දනය තහවුරු කරන විශාල අඩුපාඩු රැසක් විරෝධතාකරුවන් විසින් පෙන්වා දී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

මතභේදාත්මක ඖෂධ ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව රනිල්ගෙන් ලැබුණු බවට කෙහෙළිය කියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ආන්දෝලනාත්මක හදිසි ඖෂධ මිලදී...

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී!

කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත...