රසායනික පෝර නැවැත්තුවෙ අපිට ආදරේටද ? නෑ පෝර ගේන්නවත් ඩොලර් නැති නිසා – ලාල්කාන්ත

Date:

වත්මන් පාර්ලිමේන්තුවට වසර දෙක හමාරක් සම්පූර්ණ වූ වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. රට බරපතල අර්බුද ගණනාවකට මුහුණ දී සිටින බැවින් වත්මන් ආණ්ඩුවට ඊට වඩා කාලයක් බලයේ සිටිය නොහැකි බවයි ඔහු මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ.

වසර දෙකහමාරකින් පසුව එළඹෙන මහ මැතිවරණයේදී රටේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ආණ්ඩුව මේ වනවිට අර්බුද ගණනාවකට මුහුණ දී සිටින බවත්, එම කිසිදු අර්බුදයකට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් පෙන්වා දෙන ලාල්කාන්ත මහතා පවසන්නේ ස්ථිර විසඳුම් ලබාදීම වෙනුවට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කරමින් සිටින බවයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් රසායනික පොහොර ආනයනය කිරීමට නොහැකි වූ විට හදිසියේ කාබනික වගාව ප්‍රචලිත කිරීමට ආණ්ඩුවට සිදු වූ බවත් කෙසේ නමුත් එය මේ වනවිට විසඳුමක් වෙනුවට අර්බුදය තවදුරටත් තීව්‍ර කරන විසඳුමක් වී ඇති බවත් ඔහු පවසනවා. රසායනික පොහොර අත්හිටවූයේ ජනතාවගේ වකුගඩුවලට ආදරේ නිසා බව ආණ්ඩුවේ නායකයන් පවසන නමුත් ඇත්තම හේතුව ඩොලර් අර්බුදය බවයි ලාල්කාන්ත මහතා සඳහන් කරන්නේ. ජනතාවගේ වකුගඩුවල එතරම් ආාදරේ නම් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීම සඳහාද ආණ්ඩුව උනන්දු වියයුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ වනවිට ඉන්ධන ගෙන්වීමද අර්බුදයට ගොස් ඇති බවත්, ඉන්ධන රැගෙන ආ නෞකා ඩොලර් ලබාදෙන තෙක් ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා ඇති බවත් පෙන්වා දෙන ලාල්කාන්ත මහතා සඳහන් කරන්නේ විදුලි නිෂ්පාදනයද සැළකිය යුතු අන්දමකින් බිඳවැටී ඇති බවයි.

මෙම කිසිදු ගැටලුවකට විසඳුම් ලබාදීමට වත්මන් පාලනය අසමත් වී ඇති බවත්, රටේ අර්බුදවලට විසඳුම් ලබාදිය නොහැකි පාලකයන් ගෙදර යවා අලුත් විකල්ප සෙවීමට ජනතාව සූදානම් බවත් ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...