ලක්ෂ්මන් විජේසේකර වියෝගයට පසු මා කිසිවක් නොලීවෙ එය ලියන්න බැරි නිසා , ඔහුගේ වියෝගය එතරම්ම රුදුරු වූවක් නිසා , ජීවිතය එපාවන අන්තිම කටුකම සිදුවීම වූ නිසා , ඔහු KDU රෝහලේ අවසන් දින ගතකල අයුර කම්පාවෙන් මා බලා සිටියා , ඒ සොවින් පිටව ගෙදර ට ගොඩ වෙද්දී රෝහණ වීරසිංහයන් ඒ පුවත සැල කළා . මම එහෙමම ආවා . අදටත් LNW චන්දිම මගෙන් ලකී අය්යා ගේ ලිපිය ඉල්ලනවා , තාමත් මට එය ලියන්න හය්යක් නෑ.
ඒත් නීලා අක්කා හොඳින් සිටියදී මා 2013 හෝ 2014 පමණ “රෑ ඉරපාන ” ට ඈ ගැන කළ කතන සටහන ඉන්දු ජයසුන්දර ශදිනිය විසින් එවා තිබුනා එය ඇසූ විට මට මහත් කම්පාවක් ඇති වුනා ,
තව සිදුවීමක් ද සිහි වුනා මේ කථනය ඉවර වනතුරු අහන්න , එසේ නොඇසූ හෝ අසා තම සුනඛ ව්‍රතය පෙන්වූ අයෙක් නීලා අක්කාට පවසා තිබුනේ “අන්න බන්ධුලගේ රෑ ඉර පානෙ අක්කට හූ තියල පල් කරපු සිද්ධියක් කිව්වා ” යන්නයි , ඕනෑම දෙයකට විවෘතව සහ වහාම ප්‍රතිචාර දක්වන නීලා අක්කා ඉතා කනගාටුවෙන් මා අමතා මේ කියූ බස කීවා
“අක්ක program එක ඇහුවද ?”
“නෑ මල්ලි ”
“එහෙනං අහන්න අක්කෙ , මට අක්කට උත්තර දෙන්න දුකයි , මොකද මම program එක voice කරද්දී ඇඩුවා , කපිල විතරක් නෙමේ ඒ වෙලාවේ studio සිටි නෙලුත් දැක්කා ” ඈ වැඩසටහන net එකෙන් අසා මට කතා කළා “මම දන්නව බන්ධුල මල්ලි මට කොච්චර ආදරේද කියල , මට විතරක් නෙමේ ඕනෙම artist කෙනෙකුට , මට සමාවෙන්න මල්ලි , මම ඉක්මන් වුනා විතරක් නෙමේ මාත් ඒක අහල ඇඩුවා !”
ඒ සේරම දැන් සිහිනයක් විතරයි නීලක්කේ …! එච් ඩී ප්‍රේමරත්නයන්ගෙ “දෙවැනි ගමනෙ ” ධර්මසිරි ගමගේ තාත්ත ඔබට ලියාදුන් , කේමදාසයන් තනු හදා දුන් “චාමර සැළුනාවේ ” ගීයේ වගේ ඔබ
“සුරංගනා සුළං දැලේ ” දැන් ඇති .
ඒ තුන්දෙනාත් ඔබට හමු වේවි !!!
මේ සේරම මොනතරම් සුරංගනා සුළං රොදවල්ද ?
-බන්ධුල නානායක්කාරවසම්