ඉන්ධන නැති උනත් 25 වෙනිදා ඉඳලා අඛණ්ඩව විදුලිය දෙන්න පුලුවන් – ලොකුගේ

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම ජනන යන්ත්‍රය ජනවාරි 25 වැනිදා වනවිට යථා තත්වයට පත්වන බවත් 25 වැනිදා සිට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඉන්ධන නොමැතිව වුවද 25 වැනිදායින් පසුව විදුලි සැපයුම බිඳ නොවැටෙනු ඇති බවට ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයක් මතුව ඇති අතර මේ නිසා ඊයේ දිනයේදී පැය 02 කට ආසන්න කාලයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවා තිබිණි.

නොරොච්චෝ‌ලේ යථා තත්වයට පත්වන තෙක් 25 වැනිදා දක්වා තවදුරටත් විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවත්, කෙසේ නමුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...