Thursday, March 23, 2023
spot_img

Latest Posts

පෝර්ට් සිටියේ චීන සමාගමෙන් ලංකා රජයට වැලි පොල්ලක්!

විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්‍යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන තෙක් ගෙවා නිම කර නොමැති බව වාර්තා වී ඇත.

මුහුදෙන් වරාය නගර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීම වෙනුවෙන් පරිසර සංවිධාන විරෝධතාවය මත වරාය නගර ව්‍යාපෘතියට වැලි ලබාගැනීම වෙනුවෙන් අවසර ලබාදෙන ලදී .

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වරාය නගර ව්‍යාපෘතියේ පරිසර තක්සේරු වාර්ථාවේ අඩුපාඩු පෙන්වා දෙමින් 2014 වසරේ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොණු කළ අතර එහිදි රජය පාර්ශවයෙන් පැමිණි මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යංශය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් ලෙස සාධාරණීකරණය කළ අතර එම පැමිණිල්ලේ ප්‍රතිඵලයක් ලෙස නැවත පරිසර තක්සේරැ වාර්ථාවක් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන ලදී. නමුත් එම ක්‍රියාවලියෙන් අනතුරුව රජය විසින් වැලි ලබාගැනීම සදහා වැලි බලපත්‍රය නිකුත් කෙරුණි.

වැලි බලපත්‍ර අංක IML/A/HO/8328 16/09/2014 මගින් වැලි කියුබ් තිස් හතර ලක්ෂ අසූපන්දහස් අටසිය විසි තුනක් (3,485,823) ක් සඳහා වන රුපියල් වන රුපියල් 557,731,680 ක රාජ්‍ය භාගය මෙි වන තෙක් ගොවා නොමැති ඒ බව 2016 විගණකාධිපති වාර්ථාව පෙන්වා දී ඇත.

නමුත් රජයක් ලෙස වරාය නගර ව්‍යාපෘතිය මගින් රටේ ස්භාවික සම්පත් භාවිතාකර ඒ වෙනුවෙන් රජය අයකරගන්නා රාජ්‍ය භාගය ගෙවීම පවා මග හැර තිබේ. එසේ වරාය නගර ව්‍යාපෘතිය මගින් රජයට ගෙවිය යුතු රාජ්‍ය භාගය ගෙවා නැති වුවද ඒ සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මෙය ඉදිකරනු ලබන චයිනා කමිනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කමිපැණි ආයතනයට විරුද්ධව ගෙන නොමැත.

2017 වර්ෂය වන විට හිඟ මුදල් ⁣ගෙවු බවට භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ අයකැමි මුදල් පොත් වල සටහන් වී ඇති නමුත් සැබෑ ලෙසම එම මුදල භූ විද්‍යා හා පතල් කාර්‍යංශයට නොලැබුන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම අධ්‍යයන මධ්‍යයස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.