*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අපි බූස්ටර් එන්නතක් ලබාගත යුත්තේ ඇයි ?

මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදය ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් බොහෝ රටවලට බලපෑම් කරමින් පවතී. ජාත්‍යන්තරය හා සසඳන විට ශ්‍රී ලංකාව සතුටුදායක මට්ටමෙන් පවතී. මේ වන විට රටේ ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමට කටයුතු කරමින් පාසැල් සහ විශ්ව විද්‍යාල ද ආරම්භ කිරීමට කටයුතු කර ඇත. නමුත් ලෝකයේ බොහෝ රටවල තත්වය මෙයට වෙනස්ය.

යුරෝපය, ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව වැනි රටවල ඔමික්‍රොන් තදින් පැතිර යමින් පවතී. ඇමරිකාවේ පමණක් දෛනිකව මිලියනයක් පමණ ආසාදිතයන් හමුවේ. ඩෙල්ටා සමඟ ගත්විට ඔමික්‍රොන් වලින් මිය යන ප්‍රමාණය සහ ආසාදන තත්වය භයානක අඩු වුවද ඩෙල්ටාවට වඩා සීඝ්‍රයෙන් ඔමික්‍රොන් පැතිරී යයි.මෙම හේතුවෙන් ප්‍රතිශතයක් ලෙස දෛනික මරණ සංඛ්‍යාව වැඩි වීමක් දක්නට ලැබෙන අතර, ඇමරිකාවේ දෛනික මරණ සංඛ්‍යාව 1500 ක් 2000ක් අතර පවතී.

මහා බ්‍රිතාන්‍යයේ දිනකට 300 ඉක්මවූ මරණ ප්‍රමාණයක් වාර්තා වේ. ඔවුන්ගේ දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇත ඇමරිකාවේ වයස අවුරුදු 65ට වැඩි පිරිස 60%කි. එනම් ජනගහනයෙන් 12.5% ක් එන්නත ලබාගෙන නොමැත. සමහරු එක එන්නතක් හෝ ලබා නොමැත. මිලියන 85 ක ජනගහනයක් එන්නත් කර ගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරීම හේතුවෙන් එරට ඔමික්‍රොන් දැඩි ලෙස පැතිරී රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇත.යුරෝපයේ ද මෙවැනිම තත්වයක් දක්නට ඇති අතර, ඔවුන්ගේ ද එන්නත් විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවේ.

අමරිකාව හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ඉහළ තැනක ඇත. බූස්ටර් එන්නතක් ලබා ගත යුත්තේ ඇයි ද යන පැනය ගතහොත් ඊට ලබාදිය හැක්කේ ඉතාමත් සරල පිළිතුරකි.එන්නත් දෙක ලබාගත් කෙනෙකුට ඔමික්‍රොන් වැළඳුණහොත් රෝහල් ගත කිරිමේ සම්භාවිතාව 50% කින් අඩුවේ. බූස්ටර් එන්නත ලබාගත ලබා ගතහොත් අවුරුදු 60ට වැඩි පිරිසට රෝහල් ගතවීමේ සම්භාවිතාව හෙවත් ප්‍රතිශතය 90% දක්වා පහළ යයි.

එනම් බූස්ටර් එන්නත ලබා ගත් පසු රෝහල් ගත වීමේ සම්භාවිතාව පවතින්නේ 10%ක ප්‍රමාණයකි.එමඟින් අනවශ්‍ය ලෙස රෝගීන්ගෙන් රෝහල් පිරීයාම අඩුවන අතර, බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු, එදිනෙදා සාමාන්‍ය කටයුතු කරගෙන ජීවිතය ගත කර ගැනීමට හැකි වේ. එනම් නව සාමාන්‍යකරණය වඩාත් ඵලදායි තත්වයකින් කර ගැනීම සඳහා විශාල බලපෑමක් එන්නත මගින් සිදුවේ.

එන්නත් ලබා ගැනීමට පෙර ඒ පිළිබඳව අප අවබෝධයකින් කටයුතු කළ යුතු වන්නේ ලෝක වසංගතයක් තුළදී රටක් ලෙස තනිව කටයුතු කළ නොහැකි නිසාය. වසංගතයට මුහුණ දීමේදී සමස්ත ලෝක ජනතාවම ඉලක්ක කොටගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම තුළ කටයුතු කිරීමට එහි සාමාජික රටවල් බැඳී සිටී.-

තිරුවණී විජේසිංහ Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan