මහ සමන් දේවාලයේ පඬුරු හොරකම ගැන විමර්ශන CIDයට

රත්නපුර මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ තිබූ මුදල් සොරකම් කිරීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.

ජනවාරි 08 – 09 අතර කාලසීමාවේදී මෙම සොරකම සිදුව ඇති බවටයි දේවාලයේ භාරකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

දේවාලයෙහි පඬුරු කාමරයේ CCTV කැමරා සවිකර තිබුණ ද ඒවා අක්‍රිය වී පැවති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...