යුරෝපයේ දිගුකාලීන වර්ධනයේ එන්ජිම හැකිලේ

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපයේ දිගුකාලීන වර්ධනයේ එන්ජිම හෙවත් ජර්මනියේ ආර්ථිකය පසුගිය වසරේ 0.3% කින් හැකිලී ඇති බව සංඛ්‍යා ලේඛණ දත්තයන් පෙන්නුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ එය කලාපයේ විශාල රටවල් අතර දුර්වලම කාර්ය සාධනය බවත්, 2024 දී එහි ශුන්‍ය වර්ධනයක් පුරෝකථනය කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි වාර්ෂික ලෝක ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් ජර්මනියේ මුදල් අමාත්‍යවරයා වන ක්‍රිස්ටියන් ලින්ඩ්නර් සඳහන් කර තිබුණේ, ජර්මනිය තව දුරටත් රෝගී මිනිසකු නොවන බවත්, ජර්මනිය මේ වන විට නව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යුගයක ආරම්භයේ සිටින බවත්ය.

ජර්මනිය 1990 ගණන්වල අගභාගයේදී එහි ආර්ථිකය අඩපණ වූ අතර විරැකියාව ඉහළ යාමත් සමඟ රට “යුරෝපයේ රෝගී මිනිසා” ලෙස ප්‍රකට විය. ශ්‍රම වෙලඳපොල ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දීමෙන් ජර්මනිය නැවත වරක් ආර්ථික වර්ධන වේගයකට පැමිණි මුත්, මේ වන විට එහි වාසනාව පහත වැටී ඇත.

ජර්මනියේ ආර්ථිකයේ හැකිලීම Covid-19 වසංගතය ආරම්භයත් සමඟ සිදු විය.

ඉන් අනතුරුව, ඉහළ ගිය උද්ධමනය, ඉහළ පොලී අනුපාත සහ ජර්මානු භාණ්ඩ සඳහා දුර්වල දේශීය හා විදේශීය ඉල්ලුම හේතුවෙන් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය බිඳ වැටෙන ලදී. මේ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩැනියෙල් ක්‍රාල් සඳහන් කර තිබුණේ, පසුගිය වසරේ ප්‍රධාන යුරෝපාකලාපීය ආර්ථිකයන් අතරින් නරකම කාර්ය සාධනය කළේ ජර්මනියෙන් වාර්තා වූ බවයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ තත්වය වඩාත් නරක අතට හැරුණු අතර මොස්කව් යුරෝපීය රටවලට ගෑස් සැපයුම අත්හිටුවීමත් සමඟ යුරෝපීය බලශක්ති මිල ගණන් ඉහල ගිය අතර බලශක්ති අර්බුදය ජර්මනියේ කර්මාන්තය අඩාල කළේය. ස්වාභාවික ගෑස් මිල පහත වැටී ඇති අතර රුසියාව වෙනුවට නව ගෑස් සැපයුම්කරුවන් මේ වන විට බර්ලිනය සොයාගෙන ඇති මයත්, අර්බුදය කෙටි කාලයකින් නොවිසදෙනු ඇත.

කෙසේ නමුත්, ජර්මනියේ මුදල් අමාත්‍යවරයා වන ක්‍රිස්ටියන් ලින්ඩ්නර් ලෝක ආර්ථික සමුළුවේදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, පසුගිය මාස 18 තුළ ජර්මානු බලශක්ති යටිතල පහසුකම් සහ සැපයුම ප්‍රතිනිර්මාණය කළ බවත්, එමගින් අපගේ ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...