*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අද දියගමදී හමුදා දෙකක් ගැටෙයි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 21 කොළඹ (LNW): වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය විසින් නැවත පණ ගන්වන ලද ජාතික බේස්බෝල් සූරතාවලියේ අවසාන තරගය අද දියගම ජාත්‍යන්රත බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව සුදුසුකම් ලබා සිටිනවා.ඒ අනුව අද පෙරවරු 10.30 ට දියගම දී මේ තරගය පැවත්වීමට නියමිතයි.

ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් සිටින ආසියාවේ ප්‍රබලයන් වන ජපානය සහ දකුණු කොරියාව යන රටවල් ද්විත්වය හරහාම ආධාර සහ ආදරය ලබන්නට සමත් වී ඇති ශ්‍රී ලංකා බේස්බෝල් වෙනුවෙන් ඉදිවී තිබෙන ජාත්‍යන්තර ක්‍රිඩාංගණය ද ජපානය සතු ශ්‍රී ලාංකේය බේස්බෝල් ආදරය සහ සෙනෙහස සම්බන්ධ උදාහරණයක් හැටියට ගත හැකියි.දකුණු ආසියානු සූරතාවය දිනා ගැනීමේ හැකියාව පෙන්වා ඇති ශ්‍රී ලංකාවට එම තත්ත්වය රැක ගැනීමේ නව මානයන් හඳුනාගැනීම මේ තරගාවලියෙන් නොනැවතී සැළසුම් කිරීමට අවශ්‍යය වෙනවා.

වසර ගණනකට පසුව පැවත්වෙන ජාතික බේස්බෝල් සූරතාවලියේ අවසාන තරගයට යුද හමුදාව පිවිසුණේ අවසාන පූර්ව තරගයේදී ලකුණු 15 – 10 ක් ලෙස රෝයල් බ්ලූ කණ්ඩායම පරාජය කරමින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කළේ 5-3 ක් ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan