බේරුවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ ප්‍රාදේශික 5ක බලය පමණි.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ එක්ව තරග කළ ඒකාබද්ධ කණ්ඩායම ප්‍රාදේශික 14න් 9කම බලය දිනාගෙන ඇති බව සඳහන්.
පසුගිය සති කිහිපය තුළ බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි.