රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ (LNW):
අද (21) උදෑසන , පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට පැමිණෙන අතරතුරදී රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇති බව සඳහන් වේ.
එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇත . එම අවස්තාවේදී ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති බව සඳහන් වේ.
