*
Tuesday, January 21, 2025
spot_img

Latest Posts

ආසියානු රගර් සභාපතිට “ඉල්ලියාස් උණ“ බෝ වෙච්චි හැටි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 21 ,(LNW)කොළඹ :

අභියාචනාධිකරණයෙන් මේ වන විට රගර් නිලවරණය පැවත්වීමට එරෙහිව තීරණයක් ලැබී නැත.අධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යංශයද එකඟ කරවාගෙන,නිලවරණ මණ්ඩලයක්ද ඒ අනුව පත් කරගෙන ක්‍රියාත්මක කරන්නට ගිය නිලවරණයට එරෙහිව මේ වාරණය ලබා ගෙන ඇත.එම වාරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාත් සංගමය හරහා නිලවරණයේදී සභාපතිකමට තරග කරන්නට උත්සාහ කළ ද,ප්‍රතික්ෂේප වූ සහ නියමිත පරිදි සුදුසුකම් සපුරා නැති පළාත් සංගම් කිහිපයකින් ඉදිරිපත් වූ නාමයෝජනා නොසළකා ඉවත් කිරීම නිසා යෝජිත නිලවරණයට ඉදිරිපත් වෙන්නට නොහැකි වූ ලසිත ගුණරත්නය.සමහර විට ඔහුගේ නාම යෝජනාව අනුමත වී තිබුණානම් මේ විරෝධය නො‘එන්නට ද තිබිණ.


එහෙත් මේ වන විට වැදගත්ම සහ අවධානය යොමු කළ යුතුම කාරණය,නිලවරණය නිසා දැරූ රගර් පරිපාලන වගකීමෙන් ඈත් වෙන්නට සිඳු වූ ශෙමාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද නිලවරණය කල් දැමිමට තීරණය කළ බව කියමින් ලියන ලිපියය.නාමල් රාජපක්ෂ සමයේ සිට ඇමතිවරුන් ද,වෙනස් නොවි සිටින ශෙමාල් ප්‍රනාන්දු දක්වා වන නිලධාරීන්ද ශ්‍රී ලංකා රගර් යනු ආසියානු සම්මේලනයේ බලපෑම්වලට නැටවෙන රූකඩයක් ලෙස තිබිය යුතු බව කීවේය.එහි අලුත්ම පදය ව්‍යවස්ථාව වෙනස් කිරීමය.ඊට හේතු ඇත.ඒ ආසියානු රූකඩ පත් කර ගැනීමේ උවමනාවය.


අගමැතිණිය වෙත යොමු කරන ලිපියේ ආසියානු සභාපතිවරයාගේ අදෝනාවේ පැහැදිළිව පෙනෙන්නට ඇති දෙයක් වන්නේ ඔවුන් තහනමට ලක් වූ රිස්ලි ඉල්ලියාස් පැමිණිම වැළක්වීමේ උවමනාවය.ඊට හේතු ඇත.
ලංකාවේ රගර් ලෝකය ඉදිරියේ පච කර ඊට පැන වූ දඩ මුදල ජාත්‍යන්තරයෙන් රටට ලැබෙන රගර් සංවර්ධනය සඳහා අඩු කර ගැනීමට යෝජනා කළ නිලධාරීන්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ එය තමාගේ කාලයේ නොවුණු නිසා කිසිවක් කළ නොහැකි බවය.ඔහු මෑතක් වන තුරුම බලධාරියා ලෙස සිටියත් එම ලිපිගොනුවලින් දින වකවානු බලා ගත්තා විනා සිදුවීමට අදාළ අයට පියවර නොගත්තේය.
නමුත් ආසියානු සභාපතිවරයා කියූ සැනින් මේ දක්වා හිටපු ඇමතිවරු පිළිගත් දෙයක් ඇත.නිලධාරීන් ද එසේමය.ඒවාට හේතු අසන්නේ නැත.

රිස්ලි ඉල්ලියාස් තහනම සහ ආසියානු විරසකය
රිස්ලි ඉල්ලියාස් බලයට එන්නේ රගර් සංවර්ධනයට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන අරමුදල් දඩ වශයෙන් අය වෙමින් තිබෙන මොහොතකය.ඒ වන විට හිටපු සභාපතිවරුන් යටතේ රගර් පරිපාලනය ණය කන්දක්ව සිටින මොහොතකය.ඒ වන කළ වැරදි වෙනුවෙන් ක්‍රීඩා පනත යටතේවත්,රගර් ව්‍යවස්ථාව යටතේවත්,රටේ නීතිය යටතේවත් දඩුවමක් ක්‍රියාත්මක නොවීම නිසා ඊට වගකිවයුතු අය ආසියාවේ ද නිලතලවලට හේත්තු වී සිටියේය.
රටේ රගර් සංවර්ධනයට එන මුදල් නැවතී තිබියදී සහ රගර් පරිපාලනය ණය කන්දක්ව තිබියදි ඒවා සඳහා අවශ්‍යය අනුග්‍රාහකයින් සොයා ගනිමින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ඉල්ලියාස් උත්සාහ කරමින් සිටියේය.මේ තත්ත්වය මත රගර් ණය කරපු සහ රගර් ආධාර දඩ මුදල්වලට හිලව් කළ පිරිස්වලට යළි රගර් පරිපාලනයට ඒමට ඉඩක් නොමැති බව පැහැදිළි වෙමින් තිබිණ.


එවිට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේ නාමල් රාජපක්ෂය.රාජපක්ෂලාගේ ජයග්‍රහණ බවට රටෙ ජයග්‍රහණ ලේබල් ගසා ගැනීම වෙනුවෙන් විදේශිකයින් ක්‍රීඩා කරවිම සිඳු වී තිබිණ.ඒ නිසා යළි රගර්වල පාලනයට එ්මට වැඩ කරන්න නොලැබෙන ඉඩ වසා ගැනීමට නාමල් රාජපක්ෂ සිඳු කළේ ආසියානු සභාපතිවරයා සමඟ එක්ව උපදේශක මණ්ඩලයක් රගර් පරිපාලනය තිබියදී පත් කිරිමය.එසේම ශ්‍රී ලංකා රග්බි අනුග්‍රාහකත්වයද ආසියානු සම්මේලනය වෙත ඇඳ ගත්තේය.


ආසියානු සම්මේලනයට ශ්‍රී ලංකාවේ රගර් සමඟ සම්බන්ධය ඇත්තේ ශ්‍රී ලංකා රගර් පරිපාලනය සමඟය.එහෙත් එහි සිටි මෙහි වැරදිවලට දඬුවම් නොලැබීමේ දේශපාලන ආශිර්වාදය ලැබූ පිරිස් හරහා ශ්‍රී ලංකාවේ රගර් තමන්ට අවශ්‍යය පරිදි නැටවීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා යොදා ගැනීමට ආසියානු සභාපතිවරයා උත්සාහ කළේය.වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් අභිබවා තමන්ගේ රට පෙරට ගැනීම ද එහිදී ආසියානු සභාපතිවරයා කල්පනා කරන්නට ඇත.එහෙත් ලංකාවේ අයට අවශ්‍යය වූයේ තමන්ට දේශපාලන බලයෙන් ඕනෑම වරදක් කර සැඟවී සිටිය හැකි රැකවරණය සහිත ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට ඇතුළත් වී වරප්‍රසාදිත ජීවිතයක් ගත කිරිම පමණි.එසේ සිතන පිරිස් ඇමතිවරු වටා රොඳ බඳිමින් ශ්‍රී ලංකාවේ රගර්වලට අංචි ඇදීමට ආසියාව ද සහභාගි කරවා ගනිමින් ක්‍රියා කළේය.


ලංකාවේ හැම දේශපාලකයෙක්ම සහ අමාත්‍යංශයේ නිලධාරියෙක්ම ආසියානු බෝඩ් කෑල්ලට අවනතව ඒ පදයට නටන්නෝ බවට පත් වූහ.වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ඒ රිද්මයට තවමත් රංගනයේ යෙදීමේ පිපාසයෙන් පෙළෙන බව පැහැදිළිය.අඩුම තරමේ මේ සිඳුවීම් පෙළ පෙළ ගස්වා අමාත්‍යවරයාට රටේ ක්‍රීඩාව වෙනුවෙන් පැහැදිළි කිරිමක්වත් නොකර ආසියානු උවමනාව මහා විශාලෙට පෙන්වමින් කටයුතු කරමින් සිටින්නේ ඒ නිසාය.
ආසියානු සභාපතිගේ ලිපිය පැහැදිළිව කියෙව්වොත් ඔහු වැඩ කර ඇත්තේ දිගටම ලංකාවේ රගර් පරිපාලනය වෙනුවට දේශපාලන බලධාරීන් සමඟ සහ ඒ තීරණ කී සැනින් විචාරයකින් තොරව ක්‍රියාත්මක කිරීමට බැදී සිටි නිලධාරි රොත්තක් සමඟ බව පැහැදිළි කරන්නේය.ඔහු තවත් අපූරු කතාවක් කියන්නේය.ඒ ආසියානු ක්‍රීඩා උළෙල ගැනය.ඔවුන් ශ්‍රී ලංකාවට අවස්ථාවක් දුන්නේ නැත.ඒ සඳහා ඔවුන්ගේ පදයට නැටුව ඇමතිවරයාවත් පයිසයකට මායිම් නොකර ඔවුන් තරග කාල සටහන හැදුවේය.එහෙත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මැදිහත්ව ආසියානු ඔලිම්පික් පරිපාලනයට දැන් වූ විට ශ්‍රී ලංකාවට ආසියානු ඔලිම්පික් ධජය යටතේ ක්‍රීඩා කරන්නට දිය යුතු බවට පැන වූයේ නියෝගයක්ය.එසේ නොවන්නේනම් ඔලිම්පික් ක්‍රීඩාවක් වන රගර් ක්‍රීඩා උළෙලේ තිබෙනවාද නැද්ද යන්න ද ආසියානු ඔලිම්පික් පරිපාලනයට තීරණය කළ හැකි බව ද කීවේය. ඒ නිසා ආසියානු සභාපතිවරයාට සිය කණ්ඩායම සමඟ පාදයක් පසුපසට ගෙන

ශ්‍රී ලංකාව ආසියානු ඔලිම්පික් ආදර්ශයට නොගැනීම

ඒ ආකාරයට ආසියානු ඔලිම්පික් කටයුතු කළේ තමන්ගේ සීමාවේ රඟන්න පැමිණි විටය.ශ්‍රී ලංකාව මේ තත්ත්වය තේරුම් ගත්තේ නැත.අනවශ්‍ය රංගන ඉදිරිපත් කරන්න ආ ආසියානු සභාපති සමඟ පැටළුණු සභාපතිවරයා රට වෙනුවෙන් කළ අරගලය නොසළකා හැර,ලංකාවේ දේශපාලකයින් සහ නිලධාරින් සිඳු කළේ ආසියානු සභාපතිගේ සමාගමයට සංදර්ශනයක් කිරීමට වේදිකාව තනා දීමය.දැන් ද ඒ වැඩේ හුරුපුරුදු නිලධාරියෙකු ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිටින බැවින් ඔහු හරහා අගමැතිණිය සහ ඇමතිවරයා බිය ගැන්වීමට කටයුතු සිද්ධවෙමින් ඇති බව පැහැදිළිය.
රගර් තහනම් කරයි.ආසියාව කියන විදිහට වාතයක් වුණත් අරින්න ඕනි.මෙච්චරකල් වෙලා තියෙන්නෙත් එහෙමයි වැනි කතා අසූ හාර දහසක් ඒ වෙනුවෙන් නිර්මාණය කරන්නට ඉඩ ඇත.
එහෙත් ආසියානු ඔලිම්පික් කමිටුව කළ ආකාරයට මේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාවේ රගර්වලටය.එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුකූල දැක්මක් සහිත එකක් විය යුතුය.මුළු ආසියාවේම රටවල රගර් සඳහා ඇත්තේ එකම ව්‍යවස්ථාවක්ද, එසේත් නැතිනම් රටින් රට ව්‍යවස්ථා වෙනස්ද යන්න පැහැදිළිව දේශපාලකයන්ට දැන්විය යුතු වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වුව ද,ඔහු සිටින්නේ ආසියාවෙන් ලිපිය ආ සැනින් දෑතම ඔසවා එය පිළිගෙන ක්‍රියාත්මක කරන්නටය.


සෑම ආසියානු රටකම ඒ රටට අදාළව රගර් ව්‍යවස්ථාවක් ඇත.එය එකක් නොවේය.එසේනම් ශ්‍රී ලංකාවට පමණක් වෙනස් කරන ලෙස බලපෑම් කළ හැකිද?
මෙහිදී තමන් ණය කළ,තමන් දඩ ගෙවා හිස් කළ රගර් ආර්ථිකයට තනියෙන් හෝ උර දී අරගෙන යන පුද්ගලයෙක් පැමිණියහොත් සහ ණය සහ දඩ සම්බන්ධයෙන් පියවර ගතහොත් වෙන වින්නැහිය දැන, ආසියානු සභාපතිගේ රටට උඩට එන්න එයින් ලැබෙන ඉඩත් තේරුම් ගෙන සැකසි ඉල්ලියාස් විරෝධි කල්ලියක වැඩක් බව ආසියානු සභාපතිවරයාගේ ලියුමෙන් පැහැදිළිය.
ඔහු පවසන ඉල්ලියාස් කළ වරද කුමක්ද?එය තවමත් ඉල්ලියාස්ට හෝ දැණුම් දී නැත.පෞද්ගලික දුරකතන ඇමතුවකදී සිඳු වූ වචන හුවමාරුවද?එය විනය විරෝධි වැඩක් ද?එහිදි දෝශාරෝපනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට පිටින් පැමිණ,අමාත්‍යවරයා සමඟ එක්ව උපදේශක මණ්ඩලයක් ගෙන ඒම ගැනය.එහිදී ආසියානු සභාපතිවරයා වැරදි නැද්ද?සිය අනුග්‍රාහකයා සමඟ අනුග්‍රහ පිළිවෙත වෙනස් කර ක්‍රීඩා කරන රගර් සංගම්වලට යහපතක් වන පරිදි සහ දැඩි ණය බරින් මුදවා ගැනීමේ ක්‍රමයන්ද කල්පනා කර සාකච්ඡා කරමින් සිටියදී ඇමති හරහා ආසියානු තරගාවලියකට අනුග්‍රහය ලබා ගැනීම වැරදිද නැද්ද යන්න තේරුම් ගැනීම පැහැදිළිය.
වචන හුවමාරුවේ මුල එබඳුය.එවිට රටක ක්‍රීඩා පරිපාලනයතට පිටින් දේශපාලකයන් සමඟ එක්ව තීරණ ගැනීම ගැන ආසියානු සභාපතිට විරුද්ධව එන චෝදනාව විධායක සභාවට ඒම ඉල්ලියාස්ගේ තහනමෙන් වැළකී ඇත.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ ගැන කතා කළ හැකි බව දැන්වත් අමාත්‍යවරයාට කියා ආසියාවේ පදයට නටන්නේ නැතුව ක්‍රියා කළ හැකිය.
ඉල්ලියාස් තහනම් කිරිමට හේතු වූ කාරණය කවරේද?
ඉල්ලියාස් සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාව කුමක්ද?


ඉල්ලියාස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුව වෙත,ඔහුගේ අත්සනින් ලබා දී තිබෙන කට උත්තරය කුමක්ද?
ඉල්ලියාස් අතින් යම් විනය විරෝධි ක්‍රියාවක් වී ඇත්නම් ඒ සිඳුවීමට බල පෘ තිබෙන්නේ කුමක්ද?
මේ කිසිවක් නැතුව ක්‍රීඩා ඇමතිවරු සහ නිලධාරි ක්‍රියා කළ ඇත්තේ ආසියානු සභාපති අපැහැදිළිව දෙන නියමයකට අවනතවය.
ව්‍යවස්ථා වෙනසට ජල්ලා ඇල්ලීම

ශ්‍රී ලංකාවේ රගර් නිලවරණයේ වැඩි බලයක් හිමිව ඇත්තේ පළාත් සංගම්වලටය.රගර් ක්‍රීඩා කරන සෑම ක්‍රීඩා සමාජයක්ම ඒ පළාත් සංගමයකට සම්බන්ධය.ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව සැළසුම් කෙරෙමින් යා යුත්තේ ද මෙැවැනි ආකෘතියකටය.රජයේ ඉලක්කය විය යුත්තේ ද ප්‍රාෙද්ශිය සංගමවලට වැඩි ඉඩක් ලැබෙන පරිදි ක්‍රීඩාවේ පරිපාලන ව්‍යහුය පුළුල් කිරීමය.දැන් නවසීලන්ත ජාතික මෙතේෂන් සකස් කර ඇති මෙම ව්‍යවස්ථාවෙන් ඒ දේ නියෝජනයට තිබෙන ඉඩ පුළුල් කරනු විනා හෝ මෙය හකුලා දැමිය යුතුද?එය රජයේ ප්‍රතිපත්තියද?


සියලු ක්‍රීඩාවල පහසුකම් මෙන්ම පරිපාලන කියාවලිය ද තිබෙනවාට වඩා ගමට සම්බන්ධ විය යුතුය යන මතයක සිටින රජයක් සහ එහි හොඳම උදාහරණයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පැමිණ මලල ක්‍රීඩා සංගමයේ සභාපති වූ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද සිටින මොහොතක,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රගර් හී වය්‍යවස්ථාවෙන් පමණක් මේ පළාත් වෙත තිබෙන බලය හීන කරන්නට උත්සාහ කිරීම වෙනුවෙන් මෙතරම් පෙනී සිටින උවමනාව කුමක්ද යන්න පැහැදිළි නැත.
එහි පැහැදිළිව පෙනෙන්නට තිබෙන්නේ එකම දෙයකි.රගර් අරමුදලෙන් දඩ මුදල් ගෙවීමෙන් සහ රගර් ණය කිරිමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීට රගර් ක්‍රීඩාවට සිඳු කළ සුළු නොවන දැවන්ත හානිය නිසා එවැනි අයට නිලවරණයෙන් බලයට ඒමට නොහැකිය.ඒ නිසා ආසියාවේ ඉහළට හේත්තු වීමෙන් ද,තවත් අය ලංකාවේ දේශපාලකයන් නොමඟ යවන ලෙස නිලධාරින්ව මෙහෙයවමින් කොරහේ කිඹුල්ලු මවමින්ද මේ කරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ රගර් හංස ගීතයට තනුව තැනීමය.
ආසියානු රගර් සහ ජාත්‍යන්තර රගර් වෙනත් රටක රගර් ක්‍රීඩාවට නොකරන බලපෑමක් ව්‍යවස්ථාව වෙනස් කරන්නට කරන්නේ ඇයි? එසේ නොවී රගර් සමාජය බලයක් කබා දීමට කැමති නැති මිනිසුන්ට තිබෙන ව්‍යහුය යටතේ බලයට එන්න පාර කැපීමටය.ඒ බව දැන දැන,සිඳු වූ වැරදි සිඳු වී ඇති බව කියමින් ඒවා මගෙ කාලේ නොවේ ලෙස හුරතල් වෙමින් ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නැවත එවැනි වැරදි කළ නිලධාරීන්ට පාර කපන්නට හදන එක ගැන සැක ඇති වෙන්නේ නැද්ද?

අගමැතිණියට හෝ ක්‍රීඩා ඇමතිට හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරලාවරයාට පහත සඳහන් කාරණා විමසා පිළිතුරු ලිපියක් ලිවිය හැකිය.
*ඉල්ලියාස් තහනම් කිරිමට හේතු වූ කාරණය කවරේද?
*ඉල්ලියාස් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ වාර්තාව කුමක්ද?
*ඉල්ලියාස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුව වෙත,ඔහුගේ අත්සනින් ලබා දී තිබෙන කට උත්තරය කුමක්ද?
*ඉල්ලියාස් අතින් යම් විනය විරෝධි ක්‍රියාවක් වී ඇත්නම් ඒ සිඳුවීමට බල පෘ තිබෙන්නේ කුමක්ද?
එසේම රටේ ක්‍රීඩා ප්‍රතිපත්තිය අනුව ඉදිරියේදී රගර් ක්‍රීඩාව පමණක් නොව වෙනත් ක්‍රීඩාවල ද පරිපාලනය ගැන තීරණය කිරිමට ප්‍රාදේශිය මට්ටමට වැඩි ඉඩක් සැකසීම මෙන්ම ක්‍රිඩා අමාත්‍යංශයේද සහය ඇතිව සෑම ක්‍රීඩාවකම පාහේ ප්‍රාදේශීය ක්‍රීඩා සංගම් අතර දක්ෂයන්ට ඉඩ එන තරගාවලි මෙන්ම ශක්‍යතා හඳුනාගැනීමේ අපේක්ෂාවක් තිබෙන බවත් කිව හැකිය.ඒ නිසා දැනට තිබෙන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බලපෑම් ඇති නොකර පවතින ව්‍යවස්ථාව යටතේ විය යුතු සංශෝධන සාකච්ඡාවට ගෙන අවශ්‍යය සංශෝධන කරනු ඇතැයි ලියා දැක්විය හැකිය.
ආසියානු ක්‍රීඩා සංගමයක නොව ආසියානු බලවත් රටක නායකයෙක්ටවත් තමන්ගේ ස්වාධීන අයිතිය වෙනුවෙන් සෘජුව පෙනී නොසිට ආසියාව කිව්වොත් ජාත්‍යන්තරය කිව්වොත් කරන්නම ඕනි කියන තැන සිටගෙන ඇමතිවරුන් බිය වද්දන්නට උත්සාහ නොකරමින් සහ මේ රටේ රගර් ක්‍රීඩාවට සහ රගර් ගිණුමට අයත්ව තිබූ මහා මුදල් කන්දරාවක් කාබාසිනියා කළ අයට නැවත බලයට ගෙන ඒමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඔබ පෙනී සිටිනවාද යන්න පැවසිය යුතුය.
ළදරුවෙක් නොවේනම් සහ පක්ෂපාතීව ආසියානු සභාපතිගේ උවමනාවේ කණ්ඩායම නියෝජනය නොකරන්නේනම් ආසියානු සභාපතිගේ ලිපිය තුළින් ඔහු කටයුතු කර ඇත්තේ මෙරට රගර් නිලවරණයෙන් පත්වන පිරිස සමඟ නොව දේශපාලකයින් සහ නිලධාරීන් සමඟ බව තේරුම් ගැනීමට හැකිය.තමන්ගේ මිම්මට අවශ්‍යය විදිහට ආසියානු සභාපතිවරයා සිය උවමනාව පිරිමසා ගන්න යාමේදී තමන් වෙනුවෙන් රොක් වූ ලාංකේය රගර් ප්‍රේමින් යැයි කියාගන්නා වංචනිකයන්ගේ ද සළු ගලවා දමා ඇත්ත නිරුවත හඳුනා ගන්නට ද ඉඩ සළසා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan