ජාතිවාදය අවුළුවන ට්‍රම්ප්ගේ සෙවනැල්ල; රොන් ඩිසැන්ටිස් අප‍්‍රිකානු-ඇමරිකානු ඉතිහාසය ඉගැන්වීම ෆ්ලොරීඩාවේ තහනම් කරයි

Date:

අප‍්‍රිකානු-ඇමරිකානු ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ එක්සත් ජනපද විද්‍යාල මණ්ඩලය විසින් උසස් පාසල් 60ක් පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නියමු ව්‍යාපෘතියක් ෆ්ලොරීඩා බලධාරීන් විසින් අවහිර කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්ගේ පරිපාලනය පැවසුවේ යෝජිත පාඨමාලාව අධ්‍යාපක වටිනාකමක් නොමැති ෆ්ලොරීඩා නීතියට පටහැනි බවයි. කෙසේ නමුත් පාඨමාලාව මඟින් කඩ වන්නේ කුමන නීතියක්ද යන්න පිළිබඳව ඔවුන් සඳහන් කර නොමැත.

මෙම පාඨමාලාව සාහිත්‍යය, දේශපාලන විද්‍යාව සහ භූගෝල විද්‍යාව වැනි මාතෘකා ස්පර්ශ කරමින් වසර 400 කට වැඩි අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය ආවරණය කිරීමට සකසා ඇති අතර මෙමඟින් සිසුන්ට උපාධිය ලැබීමට පෙර විද්‍යාල මට්ටමේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් ආණ්ඩුකාර ඩීසැන්ටිස්ගේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශයක් පැවසුවේ මෙම පාඨමාලාව ඓතිහාසික වශයෙන් නිවරැදි අන්තර්ගතයන් නොමැති බවත්, මතවාදීමය ගැටලු වලින් යුක්ත බවත්ය. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ප්‍රමුඛ විශාරදයෙකු වන හෙන්රි-ලුවී ගේට්ස් ජූනියර් ප්‍රකාශ කර තිබුණේ අප‍්‍රිකානු-ඇමරිකානු ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ පාඨමාලාව විශිෂ්ඨ අධ්‍යයන ප්‍රවේශයක් වශයෙනි.

අප්‍රිකානු ඇමරිකානු අධ්‍යයන පාඨමාලාව අවහිර කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර මෙමඟින් කළු සුදු වරණ භේදයට පහර ගැසීමක් හා වෙනස්කොට සැලකීමක් වශයෙන් ඔවුන් හඳුන්වයි.

ෆ්ලොරිඩා ප්‍රාන්ත සෙනෙට් සභික සහ ඩිමොක්‍රටික් පාක්ෂික ෂෙව්රින් ජෝන්ස් විසින් තහනම විවේචනය කර තිබූ අතර අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යයනයන් නවතා දැමීම පිස්සුවක් ලෙස ඔහු ටුවිටර් හි සඳහන් කර තිබිණ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...