පෝර්ට්සිටිය අවට අපද්‍රව්‍ය දැම්මොත් බලාගෙනයි !

Date:

කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඒ යටතේ පෝර්ට් සිටි ආයතනය සමග එක්ව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නේ.

සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානම් බවත් ලහඳපුර මහත්මිය සඳහන් කරන්නේ.

පසුගිය දිනවලදී වරාය නගරයේ දැනට සිදුකර ඇති ඉදිකිරීම් නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණි අතර එම පරිසර කලාපයට අපද්‍රව්‍ය බැහැර කර ඇති ආකාරය දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍ය හරහාද වාර්තා විය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ක්‍රියාවල නිරත නොවී සිටින ලෙසයි. මේ වනවිටත් ශ්‍රී ලංකාව අවට සාගර කලාපය දැඩිලෙස අපවිත්‍ර වී තිබෙන බවද ඇය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...