සිව්වරක් ඔලිමිපික් ගිය පැබ්ලෝ, විරේන්ගේ ස්වීඩන් සූරතා සිහිනය සැබෑවීමේ ඉඩ අහුරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 21 කොළඹ (LNW): වික්ටර් ස්වීඩන් විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන පූර්ව තරගයේදී තියුණු සටනකින් පසුව විරේන් නෙත්තසිංහට පරාජය භාර ගන්නට සිදු විය.සිව්වරක් ඔලිමිපික් තරග නියෝජනය කර ඇති ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ ඒබියන් සමඟ විරෙන් විනාඩි 52 සටනකින් පසුව වට 2-1 ක් ලෙස පරාජය වැළඳ ගත්තේය.පැබ්ලෝ 2008 බීජිං,2012 ලන්ඩන්,2016 රියෝද ජනෙයිරෝ සහ 2020 ටෝකියෝ ඔලිමිපික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයෙකි.ඔහු අවසාන ඔලිමිපික් නියෝජනයේදී ද.ස්ටොනියානු ක්‍රීඩක රාවුල් මස්ට් ට එරෙහිව ජයග්‍රහණයක් ලබන්නට සමත් වූ අතර එහිදී මූලික තරග සඳහා එන් කාණ්ඩයෙන් තරග වැදී එම කාණ්ඩයේ දෙවැන්නා බවට පත් විය.ඔහු එහිදී පරාජයට පත් වූයේ දෙවරක්ම ලෝක සූරයා සහ 2016 දී ඔලිම්පික් සූරයා වූ සහ 2020 දී ද රිදී පදක්කම දිනා ගත් චීනයේ චෙන්ග් ලෝන්ග් ට ය.

ස්වීඩනයේ ඇතැම් ක්‍රීඩා ලෝලීන්ට ආගන්තුක රටක් වූ ශ්‍රී ලංකාව ඔවුන් විරේන් හරහා හඳුනාගන්නට මෙන්ම මේ වසරේ 39 වන වියට පිවිසෙන පැබ්ලෝගේ වයසෙන් අඩක් පමණ වන විරෙන්ගේ කුඩාකමත් නිසා වැඩි ප්‍රේක්ෂක ආදරයක් හිමිව තිබීමත්, විරේන්ට පැබ්ලෝට එරෙහිව තරගයක් දෙන්නට බලවත් සාධකයක් විය.39 හැවිරිදි ක්‍රීඩකයා තව වැඩි කාලයක් තරගයේ රඳවා ගැනීමට විරේන්ට අත්දැකීම් තිබුණානම් තව දුරටත් තරගය වෙනස් කර ගැනීමට විරෙන්ගේ ජවසම්පන්න තාරුණ්‍යයට හැකියාව තිබිණ.එහෙත් විනාඩි 52 දි සිය උපරිමය යොදවමින් පැබ්ලෝ, විරේන්ව යටත් කර ගනිමින් වික්ටර් ස්විඩන් විවෘත සූරතාවලියේ අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගනිමින් 21 -14,17 – 21 සහ 21 – 17 ක ජයක් අත් කරගන්නට සමත් විය.

විරේන් වටා රොක් වූ ක්‍රීඩාලෝලීන්

අවසාන පූර්ව වටයට පිවිසෙන විට සිටම විශාල රසික කැළක් දිනා ගත් විරේන් සිය ලාබාලකම සහ තරග රටාවෙන් අත්කර ගත් ආකර්ශණය ඉදිරි තරගවලදී ද ජයග්‍රහණයේ විහ්වාසය තහවුරු කර ගන්නට පාදක වනු ඇත.විශේෂයෙන් තරග මොහොතවල් කළමණාකරනය සඳහා සුදුසු බැඩිමින්ටන්මය නොවන මානසික අභිප්‍රේරණය විරේන් වැනි තරුණ ක්‍රීඩකයෙක්ට අතිශයින් වැදගත් වනු නිසැකය.එසේම තව දුරටත් ශාරිරික දරා ගැනීම ද පුහුණු කිරිම හරහා මේ වන විට 19 හැවිරිදි වියේ පසුවන විරේන් තව විශාල කාලයක් සිය බැඩිමින්ටන් ජිවිතය ජාත්‍යන්තර තලයේ රඳවා ගන්නට අවශ්‍යය පසුබිම සකසා ගන්නවා සැක නැත.

විශේෂයෙන් ස්විඩන් තරගාවලිය පුරා යළි ජයග්‍රහණ සහ සටන්කාමීත්වයට පිවිසුණු තරුණයා,ඒ මට්ටමෙන් රඳවා ගැනීමට සහ ඔසවා තැබීමට අවශ්‍යය කාරණාවන් ඉටු කර ගැනීමට සමත් වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ ප්‍රංශ ඔලිම්පික් උළෙලේදී ද ශ්‍රී ලංකා නියෝජනයකට ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.වෘත්තිය මට්ටමේ ක්‍රීඩාව හා රැඳුණු අභිප්‍රේරකයෙක් වූ භාතිය අර්ථනායක වැන්නෙක්ගේ සේවය හෝ විරේන්ට පමණක් නොව රනිත්මා වැනි මතු බලාපොරොත්තු සපිරි ක්‍රිඩිකාවකට ද ලබා දිය හැකිනම් අතිශයින් වැදගත් වනු ඇත.

කෙසේ වුවත් විරෙන් මේ වන විට පැමිණි දුරට වඩා තව බොහෝ දුර යා යුතු බව පැහැදිළිය.ඒ ගමණේ ශ්‍රී ලංකාවට ලැබෙන දේ තීරණය වන්නේ මුල සිටම මඟ සැකසෙන සැරසිලි අනුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...