*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ තමන්ටමයි – කාදිනල් හිමි

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): කඳාන, ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති සන්ධ්‍යා මෙහෙය පැවති අතරතුරදී, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා සිටියේ, පාස්කු  ප්‍රහාරය සිදුවී 05 වසරක් සපිරෙන මෙම අප්‍රේල් 21 වන දින ඉන් මිය ගිය සියලු දෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.

“අප්‍රේල් මස 21 වනදාට පාස්කු ප්‍රහාරයට වසර 5යි. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා ශුද්ධාසනයට ඉදිරිපත් කරන්නට. මියගිය පිරිස ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට. ඔවුන්ගේ නම් ඉදිරිපත් කරනවා. ඔවුන් විශ්වාසයෙන් දේවස්ථානයට පැමිණි නිසයි ප්‍රහාරයට ලක් වුණේ. ඔවුන් ගෙදරට වෙලා හිටියා නම් මැරෙන්නේ නැහැ. පාස්කු මෙහෙයට පැමිණි නිසා ජීවිතය පූජා කළා.

ඔවුන් විශ්වාසය තුළ ජීවිත පරිත්‍යාග කළ පිරිසක් හැටියට. අපි ප්‍රකාශයට පත් කරන්නට සූදානම් අප්‍රේල් මස 21 වනදා. අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ තමන්ටමයි.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan