හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුව යළි ලබන 28 කැඳවයි!

Date:

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කර තිබූ නඩුව අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

උක්ත විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචිකව කැඳවීමට පියවර ගන්නා ලෙසයි පසුගියදා නියෝගයක් නිකුත් කළේ.

ඒ අනුව අදාළ නඩුව අද (22) නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දී තිබේ.

මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇතැයි ද විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම් දුන් අතර නඩුව ලබන 28 වනදා කැඳවීමටද නියම විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...