ජපානයේ ජීවන වියදම අහස උසට නගී…

0
310
TOKYO, JAPAN - 2022/05/03: Pedestrians walk in a shopping street in Shibuya district during the Golden Week. Golden Week in Japan is a collection of four national holidays within seven days. In combination with well placed weekends, it becomes one of Japan's three most favorite holiday seasons, besides New Year and the Obon week. (Photo by Stanislav Kogiku/SOPA Images/LightRocket via Getty Images)

ඉහළ යමින් පවතින උද්ධමනය හේතුවෙන් ජපානයේ ආහාරවල සිට ඉන්ධන දක්වාම වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වසර 41කට පසුව හටගෙන ඇති ඉහළම උද්ධමනය හේතුවෙන් ජපානයේ ජීවන වියදම රොකට්ටුවක් මෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ඉහළ යන උද්ධමනය හේතුවෙන් ජනතාවට බලපා ඇති පීඩනය අවම කරලීම සඳහා ජපානයේ මහ බැංකුව (බීඕ ජේ) සිය පොලී අනුපාතයන් අවම මට්ටමක තබා ගැනීමට පියවර ගෙන ඇති අතර ආයෝජකයන් සඳහා වන පොලී අනුපාතය සියයට 0 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඉකුත් මාසයේ ජපානයේ පාරිභෝගික මිල දර්ශකය 2021 වසරේ දෙසැම්බර් මාසයට වඩා සියයට 4කින් ඉහළ ගොස් තිබිණි.

අධික උද්ධමනය හේතුවෙන් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර වැඩිවන නිෂ්පාදන වියදම හේතුවෙන් සිය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට ඔවුන් පියවර ගෙන තිබේ. වෙළෙඳසල් පාරිභෝගිකයන්ගෙන් භාණ්ඩ සඳහා අධික මිලක් අය කරන බව පාරිභෝගිකයෝ පවසති.

රෂිකා හෙන්නායක