Thursday, March 30, 2023
spot_img

Latest Posts

වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතුයි – රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ රටේ වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතු බවයි.

තවදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන ලෙස බැංකු පොලිය අඩුකිරීම, වැට් බදු අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම වැනි දේ සිදුවිය යුතු බවත්, වැඩිපුර වැටුප් ලබන පිරිස් රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳි බවත්, ඔවුන්ගෙන් එය අයකර ගෙන සාමාන්‍ය ජනතාවට ලබාදීම මේ අවස්ථාවේ රටක් වශයෙන් කළයුතු බවත් ඒ මහතා කීය.

රට මේ තත්ත්වයට පත් වූයේ රටේ සම්පත් විනිවිද භාවයකින් තොරව සුළු පිරිසකට වැඩිපුර ලබාදීම නිසා බවත්, එය ඔවුන්ගෙන් නැවත අයකර ගෙන සාමාන්‍ය ජනතාවට සහන දීමට උත්සාහ කරන අවස්ථාවේ එයට එරෙහිව විරෝධතා දැක්වීමට තම සංගමය කටයුතු නොකරන බවත් කුමුදේශ් මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.