යුගදනවි පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලටම කොවිඩ් !

Date:

කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය තුළ කොවිඩ් රැල්ලක් පැතිර යමින් පවතින බව අධිකරණ ආරංචි මාර්ග පවසනවා. මේ හේතුවෙන් අධිකරණයේ විභාග වන නඩු කටයුතු සඳහාද බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබූ අතර කෙසේ නමුත් පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 වැනිදා දක්වා කල්දැමීමට සිදු විය. ඒ, එම පෙත්සම් විභාගය සඳහා පත්කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැමිණ නොසිටි බැවිනි.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පත්කළ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ලටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව යුගදනවි පෙත්සම් විභාගයේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...