සීමාවකින් තොරව මුදල් එකතු කරන පාසල් සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්, පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව උත්සව සංවිධාන කටයුතු සීමා කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව 03ක් සහ දෙවන හා තෙවන වාරවලදී උත්සව 04ක් පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව තවත් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත .

එම චක්‍රලේඛය නිකුත් කොට ඇත්තේ, සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...