*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පෞද්ගලික දක්ෂතා බහුතරයක් ගුවන් හමුදාවට දී හැටන් නැෂනල් කුසලානය තබා ගනියි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 22 කොළඹ (LNW): ජාතික නෙට්බෝල් සූරතාවයේ අයිතිය පස්වන වරටත් හැටන් නැෂනල් බැංකුව සතු කර ගැනීමට වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී ඊයේ (ජනවාරි 21) සමත් වුණා.ඒ තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 40 – 39 ක් ලෙස පරාජයට පත් කරමින්.

තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලකුණු 12 – 09 ක් ලෙස පෙරමුණට පැමිණියත් ඉතිරි වටවලදී හැටන් නැෂනල් බැංකුව ඉදරියට පැමිණීමට සමත් වුණා.එහෙත් මුළු තරගය පුරාම කරට කර සටනක් දෙමින් ජාතික කණ්ඩායමේ නියෝජිතයන්ගේ පිරුණු කණ්ඩායම් දෙක නෙට්බෝල් රසිකත්වය පිනවිය හැකි ඉහළ තරගයක නියැළුණා.දෙවන කාර්තුවේ දී හැටන් නැෂනල් කණ්ඩායම ලකුණු 14 ක් එකතු කර ගනිද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 10 ක් පමණයි.

දෙවන කාර්තුවෙන් ඉනික්බිති තෙවන සහ සිව්වන කාර්තු ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර තෙවන කාර්තුවේදී දෙපිළම ලකුණු 10 බැගින් ද,සිවිවන කාර්තුවේදී දෙපිළම ලකුණු 7 බැගින් ද ලබා ගත්තා.තරගයේ දෙවන කාර්තුවෙන් පසුව දෙපිළේම ආක්‍රමණික ආරක්ෂක පෙළ වැඩි වැඩ කොටසක් සිදු කරමින් තරගයේ ලකුණු ලබා ගැනීමට වඩා ප්‍රතිවාදි ලකුණු පාලනයට කටයුතු සිඳු කළා.

මෙවර ජාතික සූරතාවයේ නෙට්බෝල් රැජිණ වීමේ ගෞරවය රශ්මි දිව්‍යංජලී හිමිකර ගත් අතර ඇය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන වන සුරේකා කුමාරි සහ රුක්ෂලා හපුආරච්චි පිළිවෙලින් දක්ෂතම රකින්නිය සහ දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස ඇගයීමට ලක් වුණා.දර්ශිකා අබේවික්‍රම දක්ෂතම විඳින්නිය ලෙස හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් ඇගයීම් ලැබූ මේ තරගාවලියේ තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ දී ජයගනු ලැබුවේ නාවික හමුදා කණ්ඩායමයි.

නාවික හමුදාව අතින් පරාජයට පත් වුණේ කාලයක් දක්ෂයන් පිරිවරා සිටි කණ්ඩායමක් වූ වරාය අධිකාරිය කණ්ඩායමයි.එම තරගයේ ලකුණු සටහන දැක් වුණේ 61 – 49 ක් ලෙසයි.

බෞද්ධ සංස්කෘතික අධිකාරිය හරහා ලංකාවේ ක්‍රීඩාවේ පෞද්ගලික චර්යාවන්ට,ස්ත්‍රී,පුරුෂ ලෙස වෙනස් කර බැඳෙන සීමාවන්ට මෙන්ම පෝෂණය ආදී කාරණාවන්ට ද සමාජය විසින් කරන බලපෑම මත ක්‍රීඩාමය නොවන තීරණවලට තල්ලු කෙරෙන අවස්ථා නිසා සමහර විට අහිමිවන දක්ෂයන් අවසානයේ හිස් කරන්නේ ක්‍රීඩාවේම ප්‍රගතියට තුඩු දෙන තත්ත්වයන් බව මේ තරගාවලිය හරහා සිතිය හැකිය.සමහරුන් දඩමස බිම නොතබාම දඩයක්කරුවාට බනිමින් බොහෝකල් එය රැඟෙන යන අතර, ඔජස් ගලද්දි ද එය කරමතම තබාගෙන දොඩවති.එහෙත් දඩයක්කරුවෝ තවත් දඩයම් එලා ගනු විනා පණුවන් ගැසූ දුඟද මස පසුපස නොයති.

තරගාවලියේ අඛණ්ඩ සූරතාවය සඳහා මඟ පෙන් වූ ශෂිකා සමරසිංහ ප්‍රමුඛ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ද,ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ද සැබෑ අවසන් තරගයක් නරඹන්නට නෙට්බෝල් ප්‍රේක්ෂකයන්ට දුන් අවස්ථාවට අපි ප්‍රනාමය පුද කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan