අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා – විජිත හේරත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පිළිතුරු දෙනු ලැබීය.

‘එවැනි නීතිගත කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. අද වනවිට අපේ රටේ කාන්තාවො රැකියා නැතිකම, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා ඔය කියන වෘත්තියට පෙළඹිලා. අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි. ඒ අයට ගෞරවාන්විතව ජීවිත් විය හැකි පරිසරය සකස් කළාම ඔවැනි කටයුතුවලට යොමු වන්නේ නැහැ. ආර්ථික පීඩනය හේතුවෙන් ඔය වෘත්තියට යන බොහෝ අය අත්අඩංගුවට ගන්නේ දැනට තිබෙන අයාලේ නීතිය පාවිච්චි කරලා. මේ නීතිරීති වෙනස් කරන්න ඕන. හැබැයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන ප්‍රතිපත්තියක් අපට නැහැ. මාලිමාවේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය මුළුමනින්ම නැති කරනවා. අපේ ප්‍රතිපත්තිය එයයි.’

එනම් මෙහිදී අදහස් කරන්නේ, ගණිකා වෘත්තිය තහනම් කිරීමක් හෝ නීතිගත කිරීමක් නොකරන බවත් ගණිකාවන් අත් අඩංගුවට ගන්නා ‘පාදඩ (අයාල) ආඥා පනත’ වෙනස් කර, එම වෘත්තියට කරගෙන යෑමට ඇති බාධාවන් අහෝසි කරන බවය. ‘අපේ පාලනයකදී ගණිකා වෘත්තිය සම්පූර්ණයෙන් නැති කරනවා’ යනුවෙන් සපත කරන්නේ ඊට හේතුවන ආර්ථික සාදක අහෝසි කිරීමෙනි.

එමෙන්ම රටේ ආර්ථික අර්බුදය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඉතා  ප්‍රාථමික අදහස් කිහිපයක් ඉදිරිපත් කරන විජිත හේරත් අර්බුදය විසඳීම වෙනුවෙන් යෝජනා කර සිටින්නේ ‘ජනතාව මත බදු බර නොපටවා මේ රට හදන එකම ක්‍රමය හොරකම, වංචාව නැති කර නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමයි.‘ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...