පොල්කිරි සහ සම්බෝල කෑමෙන් ජනතාව පොල් නාස්ති කරනවා – කර්මාන්ත නි. ඇමති චතුරංග

Date:

රටේ ජනතාව ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.

මේ වසරේ පළමු මාස හතර සඳහා පොල්ගෙඩි මිලයන 200ක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේලන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. ඉතින් සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 22) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...