චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් යුතුව මෙම බස් රථ ලබාදෙන අතර ඒවා ලබාදෙන්නේ මහනුවර, ගාල්ල හා කොළඹ ප්‍රදේශයන්හි ධාවනය සඳහා බවත් තානාපතිවරයා සඳහන් කළේය.

මෙම බස් රථයක මිල ඇමරිකානු ඩොලර් 225,000ක් (රුපියල් 67,500,000) පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...