2026 ප්‍රජා ශක්ති වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් දැවැන්ත මුදලක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම වෙනුවෙන් යන ගමනේ පොහොසත් ගමක් ගොඩනැගීම වෙනුවෙන් 2026 වසර සඳහා ප්‍රජා ශක්ති වෙනුවෙන් භාණ්ඩාගාරය රුපියල් මිලියන එක්ලක්ෂ අසූදාහක් වෙන්කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂා හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

එම ප්‍රතිපාදන නිසි ලෙස ගමට වෙත ගලාඑන්නේද යන්න පිළිබඳ විමර්ශනය කිරීමේ බලය ප්‍රජා ශක්ති සභාවෙතට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

2019 බහුමාන දරිද්‍රතා දර්ශකය අනුව මෙරට දිළිදු ජනතාවගෙන් 93%ක් ග්‍රාමීය සහ වතු අංශයේ ජීවත් වෙයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත ලස්සන කිරීමේ අරමුණින් ප්‍රජ ශක්ති වැඩසටහන ආරම්භ කර තිබෙන අතර එය සාර්ථක කා ගැනීම වෙනුවෙන් ප්‍රජා ශක්ති සභා පිහිටුවා ජනාධිපතිවරයාගේ සිට ජාතික නාකත්වයක් ඇති කර තිබේ.

මෙම වැඩසටහන සමග උපාධිධාරීන් 16351 කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...