අභියෝග ගණනාවක් මැද උසස් පෙළ විභාගය ආරම්භ වී තිබෙන අතර එම රාජකාරී වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු කැපවී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
විභාග රජාකාරී දීමනාව වැඩි කරන බවට අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණද එය ඉටු නොවී තිබෙන පරිසරයක වුවද දරුවන් මුහුණ දී සිටින පීඩනය ගැන සිතා දරුවන්ගේ විභාගය සාර්ථකව අවසන් කරගැනීම සඳහා කාර්ය මණ්ඩලය මැදිහත්වී සිටින බවයි ස්ටාලින් මහතා සඳහන් කරන්නේ.
මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා තිබුණද ඊට දරුවන්ගේ මානසිකත්වය ගැන හෝ නොසිතා කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් කර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ඇමතිවරු ලෙස මීට වඩා සිතා බලා ක්‍රියා කළ යුතුව ඇති බවද ස්ටාලින් මහතා කියා සිටියි.
ASK