කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය සඳුදා සිට සංශෝධනය වේ!

Date:

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන සඳුදා(24) දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

එම සංශෝධනය සමග මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනෙනු ඇති බව වාර්තා වේ.

කොළඹ කොටස් හුවමාරුවේ මූලික මිනුම් සලකුණ ලෙස සැලකෙන සියලු කොටස් මිල දර්ශක අගය(ASPI) හා එහි ප්‍රතිලාභ දර්ශකය ගණනය කිරීමට මෙතෙක් කාලයක් එහි ලැයිස්තුගත සමාගම් වල නිකුත් කරන ලද මුළු කොටස් ප්‍රමාණය භාවිතා කරන ලදී.

අදාළ සුරැකුම්පතෙහි මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනයට පදනම් වූයේ සියලුම ලැයිස්තුගත ඡන්ද බලය හිමි කොටස් හා හිමි නොවන කොටස් සියල්ලෙහිම මිල වෙනස් වීම හරහා දර්ශකයට වන බලපෑමයි.

ඒ ගණනයේදී මහජනයා සතුව පවතින කොටස් ප්‍රතිශතය සැලකිල්ලට ලක් නොවුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...