*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ගහලම ගත්තු රත්තරන්

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කික් බොක්සිං තරගාවලියේදි පැවති ඉසව් 12 න් 7 ක් ම ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ඒ අනුව රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් 5 ක් සමඟින් ද්වන්ධ සටනේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

ශ්‍රී ලංකාව අසාර්ථකභාවය පිළිබදව දේශපාලන හේතුපාඨය බවට කොවිඩ් පත් කරගෙන සිටින මොහොතක ශ්‍රී ලංකා ස්වාටි කික් බොක්සිං සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ඇතුළු සියල්ල අවස්ථාව ඇති පරිදි කණ්ඩායම් වශයෙන්ද,තනි තනිව ද කරන ලද කැපවීම් මේ ජයග්‍රහණ පිටුපස රැදී තිබිම වැදගත්.
කෙටි කාලයක් ඇතුළත ප්‍රසාද් වික්‍රමසිංහගේ මඟ පෙන්විම යටතේ ශ්‍රී ලංකාව පුරා වර්ධනය වන කික් බොක්සිං ක්‍රීඩාව මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගෙන ඇති තත්ත්වයක ඔලිම්පික් නියෝජනය සඳහා සුදුසු ක්‍රීඩකයින් සොයමින් සිටිනවා.මේ වන විටත් ලංකාව පුරා විසිර පැතිර තිබෙන කික් බොක්සිං ක්‍රීඩාවේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හොඳම උදාහරණය මෙවර තරගාවලියේ දී මුලතිව් හි සිට පැමිණි ඉන්දුගාදේවී ගේ රන් පදක්කමයි.

ඇය යුද්ධය විසින් ජීවිතයේ පිය සෙනෙහස අහිමි කළ තරුණියක්.ඒ සම්බන්ධයෙන් ඇති ආවේගය වෛරය වෙනුවට ජයග්‍රහණය පැත්තට හරවන්නටත් රටේ ජයග්‍රහණය බවට පත් කිරීමටත් කික් බොක්සිං සමත්ව තිබීම අගය කළ යුතුයි.ඒ වගේම කික් බොක්සිං ජයග්‍රහණ නාම ලේඛණය නියෝජනය කරන්නේ මේ රටේ විවිධ සංස්කෘතීන්ගේ නියෝජනයන්.නවීනත්වයේ අපූරු ප්‍රකාශයක් විදිහට මේ සටන් පිටියට පැමිණ තිබෙන හුසේන් ෆාතිමා හැදින්විය හැකියි.මුළු ගැන්ව සිටින ලංකාවේ මුස්ලිම් තරුණිය අලුත් පාරකට කැදවන ෆාතිමාගේ රිදි වැදගත් සළකුණක් වෙනවා.

විවිධ ජාතීන් සහ විවිධ ආගම් ක්‍රීඩාවට ප්‍රවේශ කරන පොදු ලාකේය අනන්‍යතාවයක් ලෙස වැඩීම මේ වන විට ස්වාටි කික් බොක්සිං ක්‍රීඩාවේ සළකුණක් වි තිබෙනවා.එයත් යහපත් තත්ත්වයක්.විවිධ භාෂා කතා කරන අය තමන්ගේ ලාංකේයත්වය පොදු සංඛේතය කරගෙන පොකුරකට එකතුවීම අපූරු සංස්කෘතික හුවමාරුවක් විය හැකි අනාගත සළකණක් බව පැහැදිළි කිරීම ක්‍රීඩාවේ පදක්කම්වලට පෙරාතුව රටේ චින්තනමය වෙනස්කමක් වෙනුවෙන් සිඳුවෙමින් පවතින යහපත් වෙනසක් ලෙස හැදින්විය හැකියි.
මෙම සංයුතියේ තවත් විශේෂත්වයක් වන්නේ සංගමයේ සභාපති ප්‍රසාද් වික්‍රමසිංහ ක්‍රීඩකයෙක් ලෙස ද තවමත් තරඟ වැදීමයි.ඔහු මේ තරගාවලියේදීත් වයස් 45 න් පහළ කිග්‍රෑම් 75 – 80 කාණ්ඩයේ රන් පදක්කම කරලා ගන්නට සමත් වුණා පමණක් නොවේ දැක් වූ දස්කම් හරහා ආසියානු තරගාවලිය සඳහා තරග වඳින්නටත් සුදුසුකම් ලබා ගත්තා.ආසියානු තරගාවලිය සඳහා ප්‍රසාද් සමඟ කේ ඉන්දුගාදේවී,අක්මාල් අහමඩ්,රශ්වි පසේල,එම්.එම්.එම්.මිර්ෂාඩ්,ඒ.එම්.එම්.එම්.සදීර් සහ එම්.එම්.එම්.මුආවියා සුදුසුකම් ලබා තිබෙනවා.

එසේම ටෝකියෝ ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වන්නට ඇසට් අංශයෙන් ජයග්‍රහණය ලද රශ්වි පසේල,එම්.එම්.එම්.මිර්ෂාඩ් සහ අක්මාල් අහමඩ් සුදුසුකම් ලබා තිබෙනවා.කරාටේ ක්‍රීඩාවේ කාතා හා කුම්තේ ආකාරයට කික් බොක්සිං ක්‍රීඩාවේ දී ද කොම්බැට් සහ ඇසට් ලෙස තරග අංශ දෙකක් පැවත්වෙනවා.විශේෂයෙන් කොම්බැට් නම් වූ තදින් පහරදීමේ කොටසට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බනධයෙන් වැඩි අවධානයක් ඇසට් නම් වූ මෘදු ප්‍රහාරක් ඉසව්වේදි දකින්නට ලැබුණා.ඒ නිසාම ටෝකියෝ තරගාවලිය සඳහා සුදුසුකම් ලද තිදෙනාම ඇසට් අංශය නියෝජනය කළ ක්‍රීඩකයන් වීම අවධානය යොමු කළ යුතු කරුණක්.

මේ කෙටි කාලය තුළ ශ්‍රී ලංකාවේ සතර අත කික් බොක්සිං ක්‍රීඩාව වර්ධනයට වගේම විදේශ සංචාර කිහිපයකටද දායකවී තිබෙන කික් බොක්සිං සංගමය තවමත් ඒ කිසිවකදි ක්‍රීඩා අමාත්‍යංශයට බරක් නොවන්නට ක්‍රියා කර තිබෙනවා.ඉතාම අපහසුවෙන් බොහෝ දුර පළාත්වල වතු කම්කරුවන් වැනි පවුල්වල දූ දරුවන් පවා මහත් වෙහෙස වී විවිධ ක්‍රියාමාර්ග හරහා මුදල් සොයාගෙන මේ තරගාවලිය නියෝජනය කර තිබිම වැදගත්.ඉදිරියේදී එහෙත් ඔලිම්පික් ඉසව්වක් බවට පත්ව තිබිම සහ ඊට අදාළ ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට ලැබී තිබිම වැනි කාරණා නිසා ක්‍රීඩාව තමන්ගේ වරප්‍රසාද බවට පත් කර ගන්නට උත්සාහ කරන බොහෝ පිරිස් මේ සංගමය වටා කැරකැවෙන්නට පටන් ගනියි.ක්‍රීඩාව එහිදී මී වදයක් සේ සළකා ඇදෙන පිරිස් පසුව එය නිල මැස්සන් වහන තැනක් බවට පත් කර නික්ම යාමට ඉඩ ඇති බැවින් කික් බොක්සිං ක්‍රීඩාවේ ජයග්‍රහණය දෙසට හැරි තිබෙන දිශාන්තිය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්නට ප්‍රසාද් ඇතුළු එම කන්ඩායමට හැකි විය යුතුයි.

පකිස්තාන – ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රාහකයන්.

රන් පදක්කම්ලාභීන්

අවුරුදු 30 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 55 – 60 – ඇසට් අක්මාල් අහමඩ්
අවුරුදු 30 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 60 -65 – ඇසට් රස්වි පසේල
අවුරුදු 25 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 56 – 60 – ඇසට් එම්.එම්.එම්.මිර්ෂාඩ්
අවුරුදු 25 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 70 – 75 – ඇසට් ඒ.එම්.එම්.එම්.සදීර්
අවුරදු 45 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 75 – 80 – ඇසට් ප්‍රසාද් වික්‍රමසිංහ
අවුරුදු 10 පහළ පිරිමි – බර පංතිය ක්‍රිග්‍රෑම් 20 -24 – ඇසට් එම්.එම්.එම්.මුආවියා
අවුරුදු 25 පහළ කාන්තා – බර පංතිය කිග්‍රෑම් 48 – 52 -කොම්බැට් කේ.ඉන්දුගාදේවි

රිදී පදක්කම්ලාභීන්

අවුරුදු 30 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 70 – 75 – ඇසට් එම්.එල්.හකීම්
අවුරුදු 20 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 70 – 75 – ඇසට් වයි.එස්.අක්තාර්
අවුරුදු 30 පහළ පිරිමි – බර පංතිය කිග්‍රෑම් 70 -75 – කොම්බැට් මන්සිල් නසීර්
අවුරුදු 18 න් පහළ පිරිමි බර පංතිය කිග්‍රෑම් 48 – 52 – කොම්බැට් ගයාන් බණ්ඩාර
අවුරුදු 20 පහළ කාන්තා- බර පංතිය කිග්‍රෑම් 40 -44 – කොම්බැට් හුසේන් ෆාතිමා

රණසිංහ මුදියන්සේ

ප්‍රසාද් වික්‍රමසිංහ
ඉන්දුගා දේවී
ෆාතිමා සහ ඉන්දු
ජයග්‍රහණ සමඟ මව්බිමට

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan