දැවිතෙල් නෑ. අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් …

Date:

විදුලිය ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම තුළ අඟහරුවාදා (25) දිනයේ සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

”සඳුදා අපේ උපරිම ඉල්ලුම සපයා ගැනීමේදී යම්කිසි ගැටලුවක්, ඒ කියන්නෙ මෙගාවොට් 50ක විතර හිඟයක් ඇතිවෙන්න පුළුවන්. ඒක විශාල වශයෙන් විදුලිය කපාහැරීමකට බලපාන්නෙ නෑ. හැබැයි ඔය කතන්දරේ අඟහරුවාදාට වෙනසක් වෙනවා. මොකද, අර වරායේ තියෙන බාර්ජ් එක සහ උතුරු ජනනී – බාර්ජ් එකේ මෙගාවොට් 60ක් තියෙනවා උතුරු ජනනී මෙගාවොට් 23ක් තියෙනවා, එතකොට අර 100ත් එක්ක අඟහරුවාදා වෙනකොට අපට 163ක් තාප බලාගාරවල අපේ ධාරිතාව නැතුව යනවා. ඒ තත්වය යටතේ අපට උපරිම ඉල්ලුම සපයා ගැනීම අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා. ඒ කියන්නෙ ඒ වෙනකොට අපට දැවිතෙල් ලැබුණෙ නැත්නම්”

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...