*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඇමති විමල් වීරවංශ රෝදය සොයාගනී ! අපි දැන් mk ?

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී විශාල සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ, රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට නම් රටේ කර්මාන්ත දියුණු කළයුතු බව ය.

ඒ මහතා පසුගිය සති දෙක තුනේ සිට යන යන සෑම තැනකදීම මේ කතාව බර කරමින් දේශනා කරනු දක්නට ලැබේ. ඔහු එය කියන්නේත් රටේ කර්මාන්ත දියුණු කිරීම මේ වනවිටත් සිදුවිය යුතුව තිබුණු එකක් බවත් දැනටත් එය නිසි ආකාරයෙන් සිදු නොවන බවත් හැඟවෙන ආකාරයෙනි.

මෙහි ඇති හාස්‍යජනක තත්වය වන්නේ රටේ කර්මාන්ත ඇමතිවරයා තමන් බවත් රටේ කර්මාන්ත දියුණු කළ යුතු වන්නේ තමන් විසින් බවත් විමල් වීරවංශ මහතාට අමතකව තිබීම ය.

2019 නොවැම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු මේ දක්වා වසර දෙකකට අධික කාලයක් තිස්සේම කර්මාන්ත අමාත්‍ය ධුරය දරන්නේ විමල් වීරවංශ මහතා විසිනි. එහෙත් ඔහු සිය පෞද්ගලික ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීම සඳහාත් පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ ගමනට අකුල් හෙළිම සඳහාත් වැය කළ කාලයෙන් දශමයක්වත් රටේ කර්මාන්ත දියුණු කිරීමේ වගකීම ඉටුකිරීම උදෙසා වැය කරන බවක් මේ අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේම රටට පෙනුනේ නම් නැත.

විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරය භාරගත් පසු මුලින්ම කළේ උතුරේ කර්මාන්ත ශාලාව දෙමළ භාෂාව පළමුවෙන් සටහන්ව පැවති පුවරුවක් ගලවා සිංහල භාෂාව මුලට යොදා නැවත සවි කිරීමය. එයින් ටික කලකට පසු අති දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි වැඩ ආරම්භ කළේය. එයින් රටටම කඩදාසි සපයන බවක් කීවත් මේ වනවිට කඩදාසි මිල අහසේ පාවෙමින් තිබේ. දැන් විමල් කඩදාසි ගැන කතා කරන්නේ නැත. ඊටත් පසු ඔහු කළේ කුරුඳු සිගරට්ටුවක් කටේ ගසාගෙන එය ප්‍රවර්ධනය කිරීමය. එයින් රටේ ඩොලර් ප්‍රශ්නය විසඳන බවත් ඔහු එදා කීවේය. ඊටත් ටික කලකට පසු ඔහු රා බොමින් රා කෑන් වර්ගයක් ප්‍රවර්ධනය කළ අතර එදාත් කීවේ රටේ ඩොලර් ප්‍රශ්නය රා විකිණීමෙන් විසඳිය හැකි බවය.

මීට අමතරව මේ කාල සීමාව තුළ ඔහු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, යුගදනවි ගිවිසුම වැනි සිදුවීම් වලදී ජනාධිපතිවරයාගේත් මුදල් අමාත්‍යවරයාගේ තීන්දුවලට එරෙහිව ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු කළේය. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රටට ඩොලර් උපයාදීමේ තම වගකීම තුට්ටුවකට නොතකා කටයුතු කළා මදිවාට ඔහු රටට ඩොලර් ලැබෙන ආයෝජනවලට ද අකුළ් හෙළුවේ ය.

දැන් ඔහු නින්දෙන් අවදි වූවාක් මෙන් කියන්නේ ඩොලර් සෙවීමට නම් රටේ කර්මාන්ත දියුණු කළයුතු බව ය. ඔය ටික කියන්නට මහජන මුදලින් රුපියල් කෝටි ගණන් වැය කරමින් අති සුඛෝපභෝගී වාහන, අති සුඛෝපභෝගී කාර්යාල, අති සුඛෝපභෝගී නිල නිවාස, විදෙස් සංචාර, වැටුප්, දීමනා ගෙවා ඇමතිවරයෙකු නඩත්තු කළ යුතුද ?

වත්මන් රජය බලයට පත්ව කෙටි කලකදීම ආනයන සීමා කෙරෙහි අවධානය යොමු කරනු කාටත් දක්නට ලැබිණි. එවන් තත්වයක් තුළ කර්මාන්ත අමාත්‍යවරයෙකු කළයුතු වන්නේ ආනයනික භාණ්ඩ සඳහා වන ආදේශක සම්බන්ධ කර්මාන්ත දියුණු කරවීම ය. ඒ කාලසීමාව තුළම රටේ විදේශ විනිමය අර්බුදයක් ද උද්ගත වන ලකුණු පහළවෙමින් තිබිණි. එහිදී කර්මාන්ත අමාත්‍යවරයා කළයුතුව තිබුණේ රටට විදේශ විනිමය ඉපයිය හැකි කර්මාන්ත ක්ෂේත්‍ර වඩාත් පුළුල් කරමින්, ශ්‍රම විභජනය හරහා ගම් මට්ටම කරාම ඒවා ව්‍යාප්ත කර, ඩොලර් ඉපයීමේ ක්‍රියාවලියට ජනතා සහභාගීත්වය වැඩිකර, නිෂ්පාදනය ඉහළ නැංවීම ය.

එහෙත් විමල් වීරවංශ මහතා ඒ කිසිවක්ම මෙතක් කල් කළේ නැත. ඇත්තෙන්ම එවැන්නක් කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ අත්දැකීම් ද ඔහුට නැත. එහෙයින් ඒ වෙනුවට ඔහු කළේ ඔහු දන්නා එකම දෙය වන කයිවාරු ගැසීමත් කුමන්ත්‍රණ කිරීමත් පමණි. රටේ තිබෙන ඩොලර් ප්‍රමාණයෙනුත් යම් හෝ කොටසක් සිය සුඛෝපභෝගී ජීවන රටාවේ අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර ගන්නා ගමන්ම කයිවාරු ගැසීමම පමණකි. ඔහු ඉතිරි වසර තුනත් ඒ ආකාරයෙන්ම කටයුතු කරගෙන යනු ඇති බවට කිසිදු සැකයක් ද නැත. රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට දෙවියන්ගේ ම පිහිට ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan