*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ සදළුතලයට ප්‍රහාරයක් ….

ඔයාලා දන්නවා ඇති රටේ රාළ එච්චර සජබය ගැනවත් සජිත් ගැනත් ලොකුවට කතා කරපු කෙනෙක් නෙවෙයි.ඒකටත් ඉතින් හේතුවක් තියනවා.සජබය කියන්නේ අලුතෙන් ගොඩනැගුන දේශපාලන පක්ෂයක්.ඒක නිසා ටික කාලයක් දුන්නට කමක් නෑ කියලා හිතුනා.හැබැයි දැන් නං ඉතින් සජිත්ගෙත් ඉන්ටවල් ඉවරයි.

රටේ රාළ සජිත්ගේ දේශපාලනය පිලිගන්නේ නැති එක වෙනම කතාවක්.හැබැයි සජිත්ට දේශපාලන කරන්න තියන අයිතිය පිලිගත්තවා.සජිත් දේශපාලනයට ආවේම තාත්තාගේ දේශපාලනය ඉස්සරහට දාගෙන. සජිත් ආපුගමන් කිව්වේ එයා ප්‍රේමදාසගේ පුතා කියලනේ.තාත්තා නවත්තපු තැන ඉදන් ඉස්සරහට යනවා කියලනේ.ආයෙත් ප්‍රේමදාස යුගයක් ඇති කරනවා කියලනේ.තාත්තට බැරි උන තැනින් පටන් ගන්න ආපු පුතා.හැබැයි එදා තාත්තට පුළුවන් උනා නං ගොඩක් වෙලාවට අද මේ ලිපිය ලියන්න රටේ රාළ කෙනෙක් නෑ. එහෙනං අද ජීවත් වෙලා ඉන්න තවත් ලක්ෂ ගානක ජන සන්නිපාතයක් පොලොව යට නිදි. ඒත් එයා ජීවිත 60000 ක වන්දියක් අරන් තමයි ගියේ.ඇත්තටම ඒ දවස්වල සජිත්ගේ තාත්තත් එක්ක බේරගන්න අපටත් දේශපාලන ගනුදෙනුවක් තිබුණා.හැබැයි අපට ඒක එයාගේ පුතා එක්ක බේරගන්න ඕනි නෑ.ඒක නිසා තාත්තගේ ඉතුරු වැඩටික කරන්න නම් සජිත් එන්නේ ඒ එන්නේ පරාජයේ ඉරණමත් නළලේ කොටාගෙන.

සජිත් ප්‍රේමදාසගේ පුතා තමයි.හැබැයි සජිත් දේශපාලනට ප්‍රේමදාසගේ අවතාරය ගේන්න ඕනි නෑ.සජිත් සාර්ථක නම් අලුත් වෙලා එන්නයි ඕනි.සජිත්ගේ තාත්තලා විසින් මරලා දාපු,එයාගේ දේශපාලන ප්‍රතිවාදියා, විජේවීරගේ පුතාට එහෙම පුළුවන් නං සජිත්ට එහෙම බැරි වෙන්න බෑ.සජිත් දැන ගන්න ඕනි ප්‍රේමදාස හදපු ලේ වැකි ඉතිහාසය මතක් කරලා ආය ගොඩයන්න බෑ කියලා.කොහොම උනත් සජිත් කියන්නේ අපේ රටේ වර්තමාන විපක්ෂ නායකයා.විෂක්ෂයේ තියෙන ප්‍රබලම දේශපාලන පක්ෂය සජබය තමයි.සජබය අමතක කරලා විපක්ෂයේ පොදු එකතුවක් ගැන කතා කරනවා නම් ඇත්තටම ඒක බොරුවක්.විපක්ෂයේ මන්ත්‍රී ධූර ප්‍රමාණය අතින් වගේම විපක්ෂයේ මහජන බලයේ වැඩි පංගුව නියෝජනය කරන්නෙත් සජිත්.ඒකේ විවාදයක් නෑ.හැබැයි ඉතින් තවමත් සජිත් ලොකුවට කැපිලා පේන්නේ නෑ.සජිත් මහා දේශපාලන භූමිකාවක් ඉෂ්ඨ කරනවා කියලා රටේ රාළට නං දැනෙන්නේ නෑ.ඇත්තටම සජිත්ට වැඩිය ලොකුවට අනුර පේනවා. සජිත්ට වැඩිය ලොකුවට පාළුළී පේනවා. සමහර වෙලාවට ෆොන්සේකත් පේනවා. මොකද්ද හේතුව?

සජිත් විෂක්ෂයේ අනිත් පක්ෂවලට සාපේක්ෂව ලොකු පිරිස් බලයක් නියෝජනය කලාට සජිත් නිශ්චිත මතවාදී බලයක් නියෝජනය කරන්නේ නෑ.මතවාදී ආධිපත්‍යයක් දරන්නේ නෑ.ඇත්තටම හරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගේ.ඒ දෙන්නා ඒ අර්ථයෙන් එක සමානයෝ දෙන්නෙක්.ඒකයි රටේ රාළ කියන්නේ සජිත් ජනාධිපති උනා කියලා මීට වැඩිය ලොකු වෙනසක් නං වෙන්නේ නෑ කියලා.ඒකෙන් කියන්නේ නෑ අනුරයි,පාඨළීයි,ෆොන්සේකයි නිවැරදි මතය නියෝජනය කරනවා කියලා. රටේ රාළ කියන්නේ සජිත්ට සාපේක්ෂව මිසක් රටට අවශ්‍ය මතවාදී උවමනාවට සාපේක්ෂව නෙවෙයි.කොහොම හරි දැන් රටේ අලුත් දේශපාලන සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඇත්තටම ඒකට ස්තුතියි කරන්න ඕනි මේ රටේ ඉන්න සමාජ ක්‍රියාකාරයින්ට. එයාලා පටන් ගත්ත දේශපාලන සංවාදය ඉස්සරහා ආණ්ඩුව වගේම විපක්ෂයත් නිර්ධය ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා.ඇත්තටම ඒ සාකච්ඡාව හුදු විවේචනයෙන් ඔබ්බට යන දේශපාලන ප්‍රතිපත්තියක් ගැන කරන සංවාදයක්.

ඒක නිසා ප්‍රේමදාසගේ පුතා සජිත් නෙවෙයි ශක්‍රයාගේ පුතා වයිමා උනත් බිත්තියට හේත්තු කරලා ප්‍රශ්න කරන්න රටේ රාළටත් අයිතියක් තියනවා.තවදුරටත් රාජපක්ෂලාගේ බොරු පම්පෝරිය වගේම සජිත්ලාගේ බොරු පම්පෝරියත් මේ රටට වැඩක් නෑ.රාජපක්ෂලා විවේචනය කරන එක විතරක් උත්තරය කරගන්න කාටවත් අයිතික් නෑ.දැන් විපක්ෂයත් බොරු පම්පෝරි නවත්තලා ඇත්ත ප්‍රශ්නය කතා කරන්න පටන් ගන්න ඕනි. ප්‍රශ්නයට උත්තරක් හොයන්න පටන් ගන්න ඕනි.අඩුම ගානේ තමන්ට තියන උත්තරය හරි කියන්න ඕනි.තමන්ගේ උත්තරය නොකියා අනුන්ගේ උත්තර වැරදී කියන්න පුළුවන්.ඒත් ඒක සදාචාරාත්මක නෑ.ඒක අපේ විපක්ෂ නායකතුමාටත් අදාළයි.ඇත්තටම සජිත් හැම පාර්ලිමේන්තු වාරයකදීම ජනතාවගේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා.ඒක හොදයි. ඊයේ පෙරේදා දවසක ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියලා මාර විග්‍රහයක් කළා.

ඊළගට සජිතුත් කොහේ ගියත් යන යන තැන මෙනවා හරි බෙදනවා.ඇත්තටම ඔහොම දෙන්න සල්ලි කොහෙන්ද කියලත් එක වෙලාවකට හිතෙනවා.ආණ්ඩුවේ මුදල් පරිහරනය වගේම අසාමාන්‍ය මුදලක් සජිත්ටත් තියනවා.එයාටත් ඩේසි ආච්චි වගේ කෙනෙක් ඉන්නවාද මන්දා?ආණ්ඩුවේ ඒවා නං මහජන දේපල,මහජන මුදල් කියලා හරි කියන්න පුළුවන්.සජිතුත් වියදම් කරන්නේ හතර මහ නිධානය පහළ වෙලා වගේ.නිධන්ම තමයි බලනකොට.ඇත්තටම දෙන එක නං හොදයි.හැබැයි ඉතින් ගන්න තැනත් කියලා දෙනවා නං ඊටත් වඩා හොදයි.සජිතුත් කරන්න හදන්නේ බෙදන සංස්කෘතිකක් හදන්න එකනේ.උපයලා බෙදාගන්න සංස්කෘතිකක් හදන එක නෙවෙයි.ඒකත් බෙදලා ඡන්ද ගන්න හදන එකක්.විපක්ෂේ ඉන්නකොට ඔහොම බෙදුවාට ආණ්ඩුවට ගියහම ඉස්සෙල්ලා තමන්ට බෙදාගෙන තමයි අනුන්ට බෙදන්නේ.පේනවනේ අද රජ පවුල බෙදාගන්න බෙදා ගැනිල්ල.ඊළඟට සජිතුත් ආණ්ඩුවක ඇමති ධුරයක් දරපු කෙනෙක්.ඒ කාලේ සජිත් ආදර්ශමත්ව හැසිරිලා නෑ.නිවාස ඇමතිවරයා විදිහට සජිත් කරපුවා කතා කළොත් උස උනත්,මිටි උනත් සිකුරිටි ජොබ් එකක්වත් දෙන්න හිතෙන්නේ නෑ.

හරි කමක් නෑ අපි ඒවා පැත්තකින් තියමුකෝ.හැබැයි සජිත් දැන් කියන්න ඕනි තමන්ගේ රට හදන වැඩපිළිවෙළ මොකද්ද කියලා.අඩුම ගානේ රටේ රාළ පිලිගත්තේ නැති උනාට ජාතික ජන බලවේගය තමන්ගේ වැඩපිළිවෙල කියලා ඒකක් ඉදිරිපත් කරලා තියනවා.අනුර කියන ආර්ථික වැඩපිලිවෙලට හර්ෂ පහුගිය දවසක ගැහුවා.රටේ රාළ නං කියන්නේ ගහන්න තරම් ආර්ථික වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගයට නෑ. හැබැයි එහෙමවත් එකක් සජබෙට නෑ.සජබේ ඉන්නේ රනිල් කිව්වට පස්සේ ඒකම කියන්න නං අපරාධි ඔයාලා එජාපය කඩලා සජබයක් හැදුවේ.රනිල් IMF යන්න කිව්වට පස්සේ සජබෙනුත් කියනවා IMF යන්න ඕනි කියලා.රනිල් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට විවාදයක් ඉල්ලුවම ඊට සති දෙකකට පස්සේ සජබෙත් විවාදයක් ඉල්ලනවා.ඒක නිසා රටේ රාළ සජිත්ගෙන් අහනවා ඔයාලගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කියන්න ඉන්නේ රනිල් එයාගේ එක කිව්වට පස්සේද කියලා?

එහෙමත් නැත්තං ඔක්කොම කියලා ඉවර උනාම අන්තිමට කියන්නද ඉන්නේ.දැන් 43 සේනානායකයත් 23 වෙනිදා තමන්ගේ වැඩපිළිවෙළ කියනවා.කොහොමත් දැන් ඊට පස්සේ තමයි කියන්න වෙන්නේ.දැන් අනුරලා කියනවා කොලේට හරි විධායකය අහෝසි කරනවා කියලා.සජිත් කලින් හිටිය එජාපයේ කතරගම සමුළුවේදී ගත්ත තීරණයක් තියනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න.එතකොට සජිත්ගේ සමගි ජන බලවේගයේ ස්ථාවරය මොකද්ද?ඇයි ඒ ගැන හොරගල් අහුලන්නේ.සජිත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟ නැත්නම් රටේ රාළ පිලිගන්නවා සජිත් හිතාගෙන ඉන්නේ විධායකය ජනාධිපති වෙලා තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න තමයි කියලා.ජවිපෙ කියනවා එයාලා තනි සිංහල ආණ්ඩුව හදන්නේ නෑ කියලා.කරූ කියනවා දෙමළ ඩයස්පෝරාව රටේ සංවර්ධනයට එකතු කර ගන්න ඕනි කියලා.

එතනිනුත් එහාට ගිහිල්ලා කරූගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරනවා.සජිත්ලා,කරූලා කියන්නේ එකට හිටපු කට්ටිය නේද?ශ්‍රීලනිප නායක මෛත්‍රී කියනවා වහාම 20 වන සංශෝධනය අහෝසි කරලා 19 බලාත්මක කරන්න ඕනි කියලා.ඒවා ඔක්කොම ප්‍රතිපත්තිමය කාරනා. ඇයි ඒවා ඉස්සරහා සජිත් නිහඩ.ඇයි කටේ පිට්ටුද විපක්ෂ නායකයාතුමා?ඇත්තටම විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක් මේ රට ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කළ හැකි ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරපත් කරලා නෑ.ආණ්ඩුවේ එදා වේල ටුවර්ස් එක පතුරු ගහන එක නං කරනවා.ගොඩක් අය කියන්නේ IMF යන්න කියලා.ගිහින් ණය ප්‍රති ව්‍යුහගත කරගන්න කියලා.හරි ඒක කළා කියමුකෝ.ඒත් කෝ රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙල.ඒකත් IMF එකෙන් දෙනකන්ද ඉන්නේ?ඇත්තටම තවදුරටත් සජිත්ගේ හැසිරීම මේක නම් රටේ රාළලාට හිතන්න වෙන්නේ මේ කිසිම දෙයක් ගැන දැක්මක් සජිත්ට නෑ කියලා.සජිතුත් කරන්නේ බැරි නං පුළුවන් කෙනෙකුට දීලා යන්න කියන එක විතරයි.පුළුවන් කෙනා කවුද ඇහූවොත් ටක් ගාලා පැනලා මම කියලා කියනවා.හැබැයි කරන ක්‍රමයයක් නෑ.

ඒක නිසා සජිත්ටත් තවදුරටත් ප්‍රශ්නයෙන් පැනලා යන්න දෙන්න බෑ. සජීත්ලා අලුත් පක්ෂයක් හැදුවා.හැබැයි ඒක හැදුවේ බල පෙරේතකමට මිසක් රට ගොඩදාන්න නෙවෙයි.රට ගොඩනගන වැඩපිළිවෙළක් හදාගන්න දැන් එයාලා ඕනිවටත් වැඩිය කල් අරන් තියනවා.ඒක නොකර මට දෙන්න මම කරලා පෙන්නන්නම් කියලා තවදුරටත් කියනවා නම් සජිත් ගහන්නෙත් රාජපක්ෂලා වගේම බොරු පම්පෝරියක් කියලා රටේ රාළ කෙලින්ම සජිත්ට ඇගිල්ල දික් කරනවා. එහෙනම් සජිත් ඉන්නෙත් මහ පොලවේ නෙවෙයි.දේශපාලන සදළුතලයේ. ඉස්සෙල්ලාම එයා මහපොළව ගන්න ඕනි. ඒකට සදළුතලයට ගහන්න ඕනි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ.

(ප්‍රියන්ජිත් විතාරණ FB)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan