ලංවිමට දැවිතෙල් ලබාදීම තවත් සති දෙකකින් ප්‍රමාද විය හැකියි – ගම්මන්පිල

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ජනවාරි 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව අවශ්‍ය දැවිතෙල් තොග ආනයන කිරීම සඳහා මේ වනවිටත් ඇනවුම් කර ඇතත් එම තොග මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 09 වනදාට බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාර කර ඇත්තේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවට ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩීසල් සහනාධාරයක් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම මස...

පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වඩාත් පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ලොව වඩාත්ම පරිසර...