එක රටක් එක නීතියක් – නවසීලන්ත අගමැතිනිය සිය විවාහය කල්දමයි !

Date:

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග නවසීලන්තය යළිත් දැඩි සීමා ක්‍රියාත්මක කර තිබෙනවා. කොවිඩ් වසංගත ආරම්භයේ පටන්ම දැඩි සීමා ක්‍රියාත්මක කළ රටක් ලෙස නවසීලන්තය හැඳින්විය හැකිය.

රටපුරා ක්‍රියාත්මක සීමා සම්බන්ධයෙන් නවසීලන්ත රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර සාමාන්‍ය ජනතාවට පමණක් නොව රජයේ ඉහළ නිළධාරීන්, බලවතුන් සම්බන්ධයෙන් කිසිදු බුරුලක් ලබා නොදීමට කටයුතු කළේය. මේ නිසා ලොවම වෙලා ගත් වසංගතයෙන් දැඩි බලපෑමක් සිදු නොවී බේරී සිටීමට ඔවුන් සමත් විය.

මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 15,550 ක් වන අතර සිදුව ඇති මරණ ප්‍රමාණය 52 ක් පමණි. අසල්වැසි ඉතා කුඩා දූපත් රාජ්‍යයන්ගෙන් පවා මීට වඩා ආසාදිතයන් හා මරණ වාර්තා වී තිබෙනවා.

එක් අවස්ථාවකදී කොවිඩ් සීමා උල්ලංඝනය කළ සෞඛ්‍ය ඇමතිවරයා පවා ධුරයෙන් පහ කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පියවර ගත් අතර බොහෝ රටවල පාලකයන් ජනතාව අතර පිරිහීමට ලක්වෙද්දී කොවිඩ් මැද පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමටද අර්ඩ්න් සමත් විය.

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යළිත් සීමා දැඩි කිරීමත් සමග ජසින්ඩා අර්ඩ්න් සිය විවාහයද කල්දැමීමට තීරණය කර තිබෙනවා. නීති සියල්ලන්ටම එක සමාන වන බැවින් සිය විවාහය කල්දැමීමට තීරණය කළ බව අද වෙලින්ටන් නුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අගමැතිවරිය සඳහන් කළාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...