*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

කොවිඩ් නි​සා හයක් නැතුව ඉන්දියාව 400 ක් ගහයි – ඉන්දියාවේ කොවිඩ් පොසිටිව් ලංකා​වේ බලාපොරොත්තු පොසිටිව් කරයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඉන්දිය ක්‍රීඩකයන් හයදෙනෙක් කොවිඩ් වෛරසයට ගොදුරුව ක්‍රීඩා නොකරන තත්ත්වයක දී එම කණ්ඩායම උගන්ඩාවට එරෙහිව කඩුලු 05 ක් දැවී සිය පන්දු ඕවර් 50 තුළ ලකුණු 405 ක් ලබා ගැනීමට සමත් විය.අනතුරුව ප්‍රතිවාදී උගන්ඩා කණ්ඩායම ලකුණු 79 ට දවාලූ ඉන්දිය ක්‍රීඩකයෝ ලකුණු 326 ක අති දැවන්ත ජයග්‍රහණයක් ලබා ගත්හ.

ශ්‍රී ලංකාවේ රසල් ආනල්ඩ් ද ඇතුළත් අවුරුදු 19 න් පහළ ඉසව් තාක්ෂණික කමිටුවේ තීරණයකට අනුව ඉන්දිය 19 න් පහළ කණ්ඩායමේ මානව පරාක් වෙනුවට ඇතුළත් කරන්නට අවසර ලැබුණු වාසු වැට්ස් ද මෙම තරගයට අතුළත් කර තිබිණි.

ඉන්දීය නායක යාෂ් ඩූල්,උප නායක ෂික් රෂිඩ්,ආරාධ්‍යා යදාව්,මානව් පරාක් සහ සිද්ධාර්ත් යදාව් මේ වන විට කණ්ඩායමෙන් දුරස් කර නිරෝධායනයට ලක් කර තිබෙන අතර තාක්ෂණික කමිටුවේ අවසරය ලැබුණු වාසු වැට් පමණක් දැනට මානව් පරාක් වෙනුවට කණ්ඩායමට එක් කර ඇත.පැවති ආසියානු කුසලාන තරගාවලියේ සිට දැඩි ජෛව බුබුලක පසු වූ ඉන්දිය කණ්ඩායමට කණ්ඩායම් සහය නිලධාරියෙක් මඟින් මෙම වෛරසය යන්නට ඇති බව සැක කරන අතර ඔහු පළමු අවස්ථාවේ වෛරසයට ගොදුරුව සිටිය බව තහවුරු විය.

කෙසේ වෙතත් දුර්වල කණ්ඩායමක් වුවත් උගන්ඩාවට එරෙහිව නායකයා සහ උප නායකයා අහිමිව නිශාන්ට් සිධු යටතේ පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලකුණු 405 ක් ලබා ගැනීම අපූරු දක්ෂතාවයකි.ඔවුන් අභියෝග හමුවේ මනස මෙහෙයවන සහ ඒකාග්‍රතාවය රැක ගැනීම වෙනුවෙන් කරන කැපවීම පැහැදිළි කරන්නකි.

තරගාවලිය ක්‍රියාත්මක වන ආකාරය සළකා බැලුවොත් ශ්‍රී ලංකාව සිටින කාණ්ඩය අනෙකුත් කාණ්ඩවල කණ්ඩායම් සංයුතිය හා සසඳද්දී ප්‍රබලත්වයක් පෙන්නුම් කරන බව පැහැදිළිය.ඕසට්‍රේලියාව,බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයේ තරඟ වඳින සෙසු කණ්ඩායම්ය.ඒ තත්ත්වය යටතේ ඔවුන් එම කාණ්ඩයේ පෙරමුණේ සිටින අතර ආසියානු තරගාවලියේ ඉන්දියාවට පමණක් දෙවැනිව අනු සූරයන් වූ ශ්‍රී ලංකාවට ඉන්දීය කණ්ඩායම කොවිඩ් ප්‍රහාරයෙන් අසරණව සිටීම ද මේ අවස්ථාවේදී සදාචාර සම්පන්න ප්‍රකාශයක් නොවුණ ද වාසි සහගත තත්ත්වයකි.

එහෙත් පිතිකරණයේ තවමත් යහපත් තත්ත්වයක් පෙන්නුම් නොකරන ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙක් විශ්වසනීයත්වය දැනට වඩා හොඳින් තහවුරු කර ගත් අඛණ්ඩ ලකුණු රැස් කරන්නන් බව ප්‍රකට කළ යුතුව ඇත.දුනිත් වෙල්ලාලගේ නායකත්වයේ වගකීම මෙන්ම පන්දු යවන්නෙක් ලෙස ද මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියාව සිටිම වාසිදායක තත්ත්වයකි.එහෙත් හුදෙකලා තත්ත්වයකට ජයග්‍රහණ වාර්තා කිරීම පහසු දෙයක් නොවන බැවින් වේගයෙන් පන්දුව යොමු කිරීමේ හැකියාව ඇති මතීශ පතිරණ වැනි පන්දු යවන්නෙක්ට වේගය සමඟ ඉදිරියේ දි සිය ඉලක්කය නඩත්තු කිරිම වැදගත්ය.

කෙසේ හෝ අවසාන කණ්ඩායම් අට අතර තරග මුල් වටයෙන් බොහෝ වෙනස්වනු ඇති බව සිතිය හැකිය.විශේෂයෙන් කොදෙව් හි පවතින වේග තණතීරු ඉදිරියේ දි මූලික තරගවලට වඩා ශ්‍රී ලංකාවට බලපෑමක් එක් කරන්නට ඉඩ ඇත.මතුපිටින් පෙනෙන ප්‍රබලම ප්‍රතිවාදියා වන ඉන්දීය කණ්ඩායම වුව හය දෙනෙක්ගේ අඩුව සහිතව වුව උගන්ඩාවට එරෙහිව දියත් කළ ඉණිමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ ඇති සාමුහික සූදානමය.ශ්‍රී ලංකාව ද මේ තරගාවලියේ පුහුණු තරගවල සිටම තරගයේ ස්වභාවය අනුව හැඩ ගැසෙමින් ජය ලැබීම සතුටුදායක වුව ද,සකුණ ලියනගේ,සදීර රාජපක්ෂ සහ ෂෙවොන් ඩැනියල් වඩා විශ්වසනිය පිතිකරණයක නියැලිම අතිශයින් වැදගත් වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan