2030 දි රාජපක්ෂලා ඉවරයි, දියසෙන් කුමාරයා බලයට ඇවිත් සක්විති රජ වෙනවා – රිටිගල දේවින්ද

Date:

2025 වසරේදී රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් යළිත් බලයට පත්වන බව රිටිගල දේවින්ද මහතා පවසනවා. කෙසේ නමුත් 2030 වනවිට රාජපක්ෂ පවුලේ දේශපාලනය සම්පූර්ණයෙන් අහෝසි වන බවත්, ඉන්පසු රාජපක්ෂ පවුලේ සියලුදෙනාටම දේශපාලනයෙන් සමු ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අහෝසි වුවද ඒ හරහා සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා ගැනීමේ අවස්ථාව හිමි නොවන බව පෙන්වා දෙන රිටිගල දේවින්ද පවසන්නේ දශක ගණනාවක් බලාපොරොත්තුවෙන් සිටි දියසෙන් කුමාරයා 2030 දී රටේ බලය හිමිකර ගන්නා බවයි. ඉන්පසු දියසෙන් කුමාරයා සක්විති රජෙකු වන බවත් ඔහු යටතේ රටේ දැවැන්ත ආර්ථික, සංස්කෘතික, මානව සංවර්ධනයක් සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා සහභාගිවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තවීමත් සමග කරලියට පැමිණි රිටිගල දේවින්ද කොවිඩ් වෛරසය මර්දනය කළ හැකි ඖෂධයක් සොයාගත් බව ප්‍රකාශ කළ අතර ඔහුට මාධ්‍ය මගින්ද දැවැන්ත ප්‍රචාරයක් හිමි විය. ඇතැම් මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේ ඔහුගේ ඖෂධය ලබාගෙන තිබූ අතර කෙසේ නමුත් ඉතා කෙටි කාලයක් තුළ එම ඖෂධය සමග ඔහු හදිසියේ අතුරුදන් විය.

යළිත් වරක් දියසෙන් කුමාරයා සමග කරලියට පැමිණ සිටින්නේ ඉන් අනතුරුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...