*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළට – ආසියානු කලාපයේ උද්ධමනය වැඩි සිව්වැනි රට

දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. එම අගය පසුගිය නොවැම්බර් මාසයේදී පැවතියේ 16.9 ක් ලෙසයි. ඒ අනුව වසරේ අවසන් මාසය තුළ ආහාර උද්ධමනය 4.6% කින් ඉහළ ගොස් තිබේ.

දිනෙන් දිනම ආහාර වර්ගවල මිල ගණන් ඉහළ යාම හමුවේ ජනවාරි අවසන් වනවිට ආහාර කාණ්ඩයේ උද්ධමනය 25% ඉක්මවා යාමට ඉඩ තිබෙනවා.

ආසියානු කලාපය ගත්කළ ආහාර කාණ්ඩයේ ඉහළම උද්ධමනයක් වාර්තා වන්නේ ලෙබනනයෙනි. දෙවැනි හා තෙවැනි ස්ථානවල ඉරානය හා සිරියාව රැඳී සිටින අතර ශ්‍රී ලංකාව සිව්වැනි තැනට පත්ව තිබෙනවා. දේශපාලන හා ආර්ථික අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ඇෆ්ගනිස්ථානය, මියන්මාරය වැනි රටවල් සිටින්නේ ඉතා අඩු උද්ධමන අගයකයි.

ලොව සමස්ත රටවල් අතර ඉහළ ආහාර උද්ධමනයක් වාර්තා වන රටවල් අතරින් ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය මෙසේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.68ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 3.0කින් සහ සියයට 0.68කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. . ඒ අනුව, 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන්, බුලත්) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.8හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 10.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.0හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී 6.2% ක් ලෙස පැවති අතර එය දෙසැම්බර් මාසයේදී 7.6% ක් දක්වා ඉහළ ගොස් ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan