*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

ලංකාවේ සීයේ ජය ඉන්දියාවේ කාර්තික්ට සහ සංජීවනීට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සිය වසක් සැපිරිම නිමිත්තෙන් පැවති අර්ධ මැරතන් ධාවන තරගයේ පිරිමි අංශයේ ජය ඉන්දියාවේ කාර්තික් කුමාර් දිනා ගත් අතර කාන්තා තරගය ජයගත්තේ ඉන්දියාවේ සංජීවනි යාදේව් ය.පිරිමි තරගයේ දෙවන ස්ථානය ධර්මේන්ද්‍රන් විසින් ඉන්දියාවට දිනා දුන් අතර තෙවන ස්ථානය මහනුවර මලල ක්‍රීඩා සංගමයෙන් තරග වැඳී කේ ෂන්මුගේස්වර්න්ට හිමි විය.

කාන්තා තරගයේ දෙවැන්නිය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ මධුමාලි පෙරේරා ය.තෙවැන්නිය වූයේ යුද හමුදාවෙන් තරග බිමට පිවිසි වත්සලා හේරත් ය.

කාර්තික් කුමාර් තරගය නිමා කරන්නට පැය 01:05:02 ක කාලයක් ගත කරේය.දෙවන ස්ථානය දිනූ ධර්මේන්ද්‍රන් ගත කළ කාලය පැය 01:07:15 ක් විය.ධර්මේන්ද්‍රන්ට සුළු දුරක් පසු පසින් සිටි ෂන්මුගේස්වරන් තරගය නිමා කළේ පැය 01:07:28 ක කාලයක් ගත කරමින්ය.

ඉන්දියාවේ සංජිවනී විශිෂ්ඨ ධාවනයක යෙදෙමින් කාන්තා තරගය ජය ගත්තේ 01:16:06 ක කාලයක් වැය කරමින්ය.මධුමාලි වැය කළ කාලය 01:19:48 ක් විය.පැය 01:21:00 ක කාලයක් වත්සලාට අර්ධ මැරත්න තරගය නිම කරන්නට ගත වූවාය.

මීට සමගාමිව පාසල් මට්ටමෙන් පැවති කිලෝමීටර් 5 මාර්ග ධාවන තරගයේ බාලක තරගය ජයගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දුලක්ෂ මධුශාන් ය. කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විහඟ ප්‍රමෝද් දෙවැන්නා වූ අතර තෙවැන්නා වූයේ දිවුලපිටිය ඥාණෝදය විද්‍යාලයේ අනුශ්ක ලක්ශාන් ය.බාලිකා තරගය ජයගත්තේ මීගමුව නිමලමරියා බාලිකාවේ ඔෂිධිනි නිලුනිකා ය.දෙවන ස්ථානය කුලියාපිටිය ඉහළ කඩිගමුව විද්‍යාලයේ අයේෂා සඳිනි දිනා ගත්තාය.තෙවැන්නය ලෙ තරගය නිමා කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ රශ්මි අමන්දා ය.

ශ්‍රී ලංකාවේ මැරතන් සහ මාර්ග ධාවන තරග කේෂ්ත්‍රයේ දිගු කාලීන අනුග්‍රාහක භූමිකාවට උර දෙන නෙස්ට්ලේ ආයතනයේ නෙස්ටමෝල්ට් අනුග්‍රාහකත්වය මෙම සුවිශේෂී මොහොතේදී ද නොවෙනස්ව රැදී සිටීම වැදගත්ය.ක්‍රීඩාවේ යම් ඉලක්කගත ඉසව්වක් වෙත දිගු කාලීනව අනුග්‍රාහකයෙක් රැදී සිටීම එම ඉසව්වේ ක්‍රීඩාවේ දියුණුවට අතිශයින් වැදගත් අතර ලංකාවට බොහෝ විට මැරත්න ජය ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු දශක හතරක කාලය ඇතුළත ජයග්‍රහණය වෙනුවෙන් නෙසිටමෝල්ට් ඇඳුමෙන් දිවූ අවස්ථාවන් සුලභය.

ඒ නිසා තරගයේ ජයග්‍රාහකයන්ට මෙන්ම වසර සියයකට පසුව හෝ නිවැරදි දිශාවකට නොසැලි රැදී සිටින ස්වීය දුර දිවීමේ අනුග්‍රාහකයා සමඟ ලංකාවේ මලල ක්‍රීඩාවේ ස්වර්ණමය සටහන් තබන්නට පරිපාලකයන් කුමක් කරනු ඇතිදැයි අපි විමසිල්ලනේ බලා සිටිමු.වයස ඉලක්කමක් පමණක් යනුවෙන් මහළු බවට පමණක් නොව තරුණ බවට ද අදාළ නැත.නව්‍ය හැඟුමෙන් සැළසුමෙන් කඩිනමෙන් දිගු කාලීන සහ දිගුකාලීන වැඩ සැළසුම් මඟින් ලංකාවේ දුර දිවීම ජයග්‍රාහී දිශාවකට රැගෙන යාම මේ මොහොතේ වැදගත්ම කටයුත්තය.ඒ සඳහා මලල ක්‍රීඩා පරිපාලනයට සහ නෙස්ට්ලේ සමාගමට ද දිරිය සහ සවිය පතමින් ඉදිරි ගමන දෙස විමසිල්ලෙන් අපි බලා සිටින්නෙමු.

වසර සියයක් සපිරි ස්වර්ණමය මතක ධාවනයට එක්ව ජයගත් අයට මෙන්ම සහභාගි වූ සියල්ලට ද ඒ මතකය වර්ණවත් කිරීමට දැක් වූ දායකත්වයට LNW ආචාර කරන්නෙමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan