*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශපාලන පත්වීම් සහ මිනී කඳු

“මට නිශ්චිත රාජකාරියක් පැවරිලා.නැහැ.ඩිපෝවෙ වටපිටාව සුද්ද කිරීම වගේ කටයුතු මම්ම හිතලා කරනව.”

මෙසේ පැවසුවේ මා පදිංචි ගමේ තරුණයෙකි.මෑත දී ප්‍රසිද්ධ කරන ලද රැකියා ලක්ෂය වැඩපිළිවෙල යටතේ පත්වීම් ලැබූ අයෙකි ඔහු.මේ රැකියා ලබා දීම ද සුපුරුදු පරිදි පාක්ෂිකයන්ට රැකියා ලබා දීමේ දීර්ඝකාලීන සම්ප්‍රදායේ ම තවත් එක් පියවරක් පමණක් බව පෙනේ.ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙහි අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවත් රාජ්‍ය ස්වය නඩත්තු කිරීම ආර්ථිකයට විශාල බරක් බවත් මෑත දී ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවේ නායකයන් ම විසිනි.මේ සිදුවීමෙන් පැහැදිලි වන කරුණු කීපයකි.

1.රාජ්‍ය සේවය බරක් ව තිබියදී කිසිදු පදනමකින් තොර ව රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම
2.දේශපාලන පක්ෂපාතිත්වය සලකා බලා රැකියා ලබාදීම
3.රාජ්‍ය සේවක වැටුප් ලබා දීම තවත් පුළුල් කරමින් ආර්ථිකයට විශාල බරක් වීම.

දේශපාලන පත්වීම් ලබා දීමේ අශිෂ්ට සම්ප්‍රදාය වෙනස් කිරීමට මෙතෙක් කිසිදු පාලකයකු අසමත් ව ඇති බව පෙනේ.

1994,2001,2015 යනාදී වසරවල පැවති ආණ්ඩු පෙරළි සඳහා බලපෑ තීරණාත්මක සාධකයක් වූයේ සුදුස්සන්ට සුදුසු තැන ලබා නොදීම නිසා ඇති වූ තරුණ අසහනයයි.සමාජගත තරුණ අසහනය කැරළිකාරිත්වයට බලපාන මූල සාධකයකි.

1989 දෙවැනි තරුණ කැරැල්ල මර්දනයේ දී ඇති වූ ලේ වැගිරීම් විශාල සමාජ කම්පනයකට තුඩු දුන්නේ ය.ඒ අනුව හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා තරුණ අසහනයට හේතු සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කළේ ය.එහි එක් ප්‍රධාන නිර්දේශයක් වුයේ උගත් තරුණයන් මුලු ගන්වා දේශපාලන පාක්ෂිකයන්ට පත්වීම් ලබා දීමේ ක්‍රමය වෙනුවට තරග විභාග මගින් පත්වීම් ලබා දීමේ ක්‍රමය ආරම්භ කළ යුතු බව ය.

ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද හිටපු ජනාධිපතිවරයා උත්සාහ දැරී ය.එහෙත් එය ක්‍රියාත්මක වූයේ කෙටි කලකි.නැවතත් පරණ පීල්ලට ම වැටිණ.

“1980 ගණන්වල විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් මා සමත් වුණා.ඒත් සමත් අයගෙ ලැයිස්තුව ලැබුණෙ පළාතෙ මන්ත්‍රිට.මා පාක්ෂිකයෙක් නොවන නිසා මගෙ නම කපලා දැම්මා.ඊට පස්සෙ මම ලී මෝලක වැඩට ගියා.ගොඩක් කල් ගිහින් මගේ ම ව්‍යාපාරයක් පටන් ගත්තා.මා එදා මුහුණ දුන් ගැටලුවටම අද තරුණයන් මුහුණ දෙවු දැකීම කනගිටුවට කරුණක්.”

එප්පාවල රජරට ලී වෙළෙඳ සැලෙහි හිමිකරු බී.එම්.අබේරත්න පවසයි.මෙවැනි කතා රාශියක් ගෙන හැර දැක්විය හැකි ය.සිදුවන අසාධාරණයට එරෙහි ව අවි අතට ගැනීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයන් ගණන විශාල ය.එයට උතුරු දකුණු බේදයක් නැත.

ශ්‍රී ලංකාවේ බලය පිළිබඳ සාධකය ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලන සමයෙහි තරගවිභාගවලින් ගුරුවෘත්තියට බඳවාගැනීම ආරම්භ කළ විට මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුව දෙවනත් කළහ.සමත් අයගේ ලැයිස්තුව තමන්ගේ අතට ලැබිය යුතු බවට අරගල කළහ.අන්තිමේ දී ඔවුන්ගේ කැමැත්ත ඉටු විය.

මහජනයාගේ පාර්ශ්වයේ ප්‍රතිචාරය ද කනගාටුදායක ය.

“අපි චන්දෙට වැඩ කළේ අපේ කොල්පන්ට රස්සා අරං දෙන්ඩ.ඒක නොකර ආයෙ මේ ගම්වලට නං චන්ද ඉල්ලන්ඩ එපා.”

ශ්‍රී ලංකාවේ නූගත් ඡන්දායකයාගේ ස්වභාවය එයයි.ඒ වනාහී බලය ලහළ සිට ඉහළට ක්‍රියාත්මක වීමකි.

සමාජ විෂමතාව තුරන් කිරීම ගැන හැම දේශපාලකයෙක් ම කතා කරති.එහෙත් බලය ලද පසු ඒ සියල්ල අමතක වේ.පික්ෂිකයන්ට සැලකීමේ හා විරුද්ධ පාක්ෂිකයන්ට වෙනස්කම් කිරීමේ අශීලාචාර සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙයි.මේ සියලු කරුණු අනුව උගත් තරුණයෝ රට හැර යති.ඒසෙ බැරි අය සමාජ වෛරයෙන් කල් මරති.වරින් වර තරුණ නැගිටීම් ඇති වීමෙහිදී ඊට ඉන්ධන සැපයෙන්නේ කළකිරුණු තරුණ ප්‍රජාව අතරිනි.

මේ තත්වයට වහා පිළියම් නොයෙදුව හොත් මතු මතු ද තරුණ ප්‍රචණ්ඩත්වය අත්විඳීමේ අභාග්‍යයෙන් රට බේරාගත නොහැකි වනු නිසැක ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan