සත්ව ගොවිපොළවල් 14000 කට වැඩි සංඛ්‍යාවක් වැහිලා !

Date:

මේ වන විට මෙරට ගොවිපොළවල් 14000 කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් මෙය පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. එසේම මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ.

මෙහිදී කෝපා කමිටුව පෙන්වාදුන්නේ සත්ත්වයින් සොරකම් කිරීම නිසා කුඩා පරිමාණ ගොවියන් කලකිරීම හේතුවෙන් පමණක් ගොවිපොළවල් වැසී යන්නේ යැයි පැවසීම පිළිගත නොහැකි බවයි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රීත ගැටලුද මේ සඳහා හේතුවී ඇති බවයි. මේ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේය.

එසේම පවතින දත්ත යාවත්කාලීන කරගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත් කමද මෙහිදී කමිටුව අවධාරණය කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 ජූලි 06 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මේ සඳහා කමිටුවේ ආරාධනයෙන් කෘෂිකර්ම විශය භාර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද සම්බන්ධ විය. මෙරට දේශීය කිරි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අමාත්‍යවරයා මේ අනුව පෙන්වා දුන්නේ මිල්කෝ සමාගමට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවයි.

එසේම පසුගිය කමිටු වාරයේදීද සාකච්ඡා වූ කිරි නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් බවත් එය අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කොට ඇති බවත්ය.

එසේම ඉඔුලදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන් 104ක් මේ වන විට මිය යාම පිළිබඳව ද මෙහිදී කමිටුව අවධානය යොමු කළේය. පසුගිය කමිටු අවස්ථාවේදීද මේ පිළිබඳ සාකච්ඡා වූ නිසා වර්තමානයේ මෙම එළුවන් ක්ෂේත්‍රයට මුදාහැරීම පිළිබඳ ප්‍රගතිය විමසා සිටීම සිදුවිය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මාසයක් පමණ ඇතුළත මෙම ඉතිරි සත්ත්වයින් ක්ෂේත්‍රයට මුදාහැරීමට සූදානම් කොට ඇති බවයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද මෙහිදී කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...