*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ (24) හෙට

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): අද (23) සහ (24) හෙට පාර්ලිමේන්තුවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

අද පෙ.ව 9.30 ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය ප.ව 5.00 දක්වා පැවැත්වේ.

අනතුරුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු අතර, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලැසීම, තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධි විධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඬ පැවැත්වීම යන කරුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන ඒම සිදු වේ.

එමෙන්ම අසත්‍ය (false) තර්ජනාත්මක (threatening) බියගන්වනසුලු (alarming) පීඩාකාරී (distressing) ප්‍රකාශ සන්නිවේදනය කිරීම මඟින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වා‍ගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීම වැළැක්වීම, ‍ කෙටුම්පත යට‍ෙත් වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ කබාට් (bots) අවභාවිත කිරීම (misuse) හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එ‍ෙරහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට ‍ෙවනත් ආධාර ලබා දීම වැළැක්වීමත් මෙම පනත් කෙටුම්පතේ අරමුණු බව පනත් කෙටුම්පතෙහි සඳහන් වේ.

ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට නියමිත මාර්ගගත සුරක්ෂිතතාව පනත් කෙටුම්පත පිළිබඳ Research Lanka ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති බවද සඳහන් වේ.

මාර්ගගත සුරක්ෂිතතාව (Online Safety) පනත දැනුම්වත්ද යන්න පිළිබඳව 75%ක පිරිසක් ඔව් යනුවෙන්ද 23.3%ක පිරිසක් නැත ලෙසද ප්‍රතිචාර දක්වා ඇත.

මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන එන්නේ කුමන අරමුණකින්ද යන්න විමසීමේදී විරුද්ධවාදීන් මර්දනය කිරීම බවට 62.7%ක් ද සද්භාවයෙන් යුක්තව සිදුකරනු ලබන ක්‍රියාදාමයක් බවට 23.7%ක් ද සාධාරණ සමාජ මාධ්‍ය නියාමනයක් වෙනුවෙන්.10.2%ක් ද වශයෙන් පිළිතුරු සපයා ඇත.

මෙම පනත හරහා සමාජ මාධ්‍ය නියාමනයක් සිදුවේ යැයි ඔබ විශ්වාස කරන්නේද යන්නට ඔව් ලෙස 45%ක් සහ නැත වශයෙන් 53.3%ක් ප්‍රතිචාර දක්වා ඇත.

රට තුළ සමාජ මාධ්‍ය නියාමනයක් සිදු කළ යුතු බව පිළිගන්නා ප්‍රමාණය 76.7%කි. පිළිනොගන්නා ප්‍රමාණය 21.7%කි ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලවලට නව පනත හරහා බලපෑමක් එල්ල වෙයි යනුවෙන් 75%ක පිරිස විශ්වාස කරන අතර එසේ නොවන බවට 23.3%ක් ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම පනත 23, 24 පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමට ඔබ එකඟද යනුවෙන් විමසීමේදී ඔව් ලෙස 26.2%ක් ද නැත ලෙස 72.1%ක් ද මෙහි දැක්වෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan