වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

සටහන – රුවන් නෙළුගොල්ල

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව,

ජී. එච්. මාරපන මහතා – යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.

ඕ. හේවාවිතාරණ මහතා – කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.

ඩබ්ලිව්. වී. ගිනිගේ මහතා – පොලිස් සුබසාධක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.

කේ. ඒ. ජේ. කොඩිතුවක්කු මහතා – මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් සුබසාධක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.

ඩබ්ලිව්. ජේ. පද්මිණි මහත්මිය – කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස මාරු කර ඇත.

එච්. කේ. ආර්. ප්‍රනාන්දු මහතා – රාජ්‍ය බුද්ධි සේවයේ සිට විශේෂ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාරයකින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයක ගින්නක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය විසින්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

අද (නොවැම්බර් 22) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර...

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...