වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

අද (නොවැම්බර් 22) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 02.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...