*
Friday, May 16, 2025
spot_img

Latest Posts

ස්වීඩන් සීරිස් එක මගේ ටර්නින්ග් පොයින්ට් එක වෙයි – විරේන් නෙත්තසිංහ

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 23 කොළඹ (LNW): වික්ටර් ස්වීඩන් විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන තරගයේදී ස්පාඤ්ඤයෙ පැබ්ලෝ ඒබියන් ට සූරතාවය හිමි වුණා.සිව්වරක් ඔලිමිපික් නියෝජනය කර ඇති පැබ්ලෝ 2015 දී යුරෝපා සූරයා ද වෙනවා.පැබ්ලෝ මේ තරගයේදී එක තරග වටයක් හෝ පරාජය වන්නේ අවසාන පූර්ව වටයෙදි ශ්‍රී ලංකාවේ විරේන්ට පමණයි.අවුරදු 39 ක් වන විරෙන්ගේ වයස මෙන් දෙගුණයක් වයසැති මේ අත්දැකීම් සහිත ක්‍රිඩකයා ඉදිරියේ විරේන් දක්වන ලද දක්ෂතාවය ස්වීඩන් ප්‍රෙක්ෂකාගාරයේද නොමඳ ප්‍රශංසාවට ලකු වුණා.

ඒ නිසාම මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ඉහළම ශ්‍රේණියේ රැඳෙන ශ්‍රී ලාංකිකයා වන විරේන් කළකට පසුව මේ තරගාවලියේදී ඉහළින් දස්කම් දැක්වීම ගැන අදහස් විමසා බලන්න LNW තීරණය කළා.

පැබ්ලෝගේ කීර්තිය ඔබේ පරාජයට අනියමින් බලපෑමක් සිඳු කළා ද?

ඇත්තටම නැහැ.මං හොඳ විශ්වාසයෙන් තරගයට ආවෙ.තරගය දිහා ආපිට හැරිලා බලනකොට දැනෙන දේ තමයි මට ඔහුව ස්ට්‍රේට් පරාජය කරන්න තිබුණ බව.ඒත් මං දිනන්න තිබුණ පළමු වටය පරාජය වෙනවා.ඒකට මං කරපු වැරදිම තමයි බලපාන්නෙ.ඒ වැරදීම් ටික මට හදාගන්න පුළුවන් වුණානම් මුළු තරගාවලියෙම ස්වරූපය වෙනස් වෙන්න තිබුණා.

ඔහුට අවුරුදු 39 ක් මේ අවුරුද්දට.ඒ වුණාට ඔහුට හොඳ හයියක් තියෙනවා.හොඳ දරා ගැනීමක් තියෙනවා.සමහර වෙලාවට ඔහුට උදව් කරන්න වෙනම කණ්ඩායමක් පැමිණීමත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්.හැම දෙයකටම වෘත්තීය මට්ටමෙන් ඔහුට සහය වෙන්න කණ්ඩායමක් ඉන්නවා.

ඔබට එහෙම කණ්ඩායමක් නැති එකද අවුල?

ඇත්තටම ඔව්.ඒත් මේ වෙලාවෙ රටේ තත්ත්වය හා සළකනකොට අපිට මේ තරගාවලි සඳහා යොමු කරලා, යන්න එන්න එයාර් ටිකට් එක දෙන එකත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කරන ලොකු සර්විස් එකක්.කාර්ය මණ්ඩලයක් වගෙ ඉන්න එක හොඳයි.ඒත් දැන් මාත් එක්ක යන්න තාත්තා ඒ කිසිදේක වෘත්තීය මට්ටමේ කෙනෙක් නොවුණට,මට ඕනි දේ කරන්න එයා පුරුදුවෙලා.ඒකෙන් මං හරියටම නොවුණට,පුළුවන් තරමට අඩුපාඩු මකා ගන්නවා.ඒ වගෙම වෙනම තනියෙන් තරගයකට හැඩ ගැහෙන්න හොඳ දැණුමක් විශ්වාසයකුත් ඇති වෙනවා.හොඳම දේ නොවුණට ලැබෙන දෙයින් හොඳම ප්‍රයෝජන ගන්න ඉගෙන ගන්නවා. අපේ රටේ හැටියට මේ ලැබෙන දේත් හරි වැදගත්.

ඒත් ඔබ ස්වීඩන් තරගාවලියට පෙර තරගාවලිවල යම් පසුබෑමක සිටිය බව පිළිගන්නවාද?

ඔව්.ඒක ඇත්ත.ඒත් මේ තරගාවලියෙදි මං ඒ තත්ත්වය විතරක් නෙමෙයි මගෙ ඉස්සරහ කැරියර් එකම අනිත් පැත්ත හරවා ගත්තා.ඇත්තටම මේක ටර්නින්ග් පොයින්ට් එකක් වෙයි.ඒව පැති කිහිපයකින් සිද්ධ වුණ සංචාරයක් මේක.මගේ පළමු යුරෝපා සංචාරය.ලොකු හීතලක් එක්ක,ඒව විඳ දරාගෙන මේ තරගවල මං සෙල්ලම් කරා.හොඳ ප්‍රතිපල ගත්තා.ලොකු විශ්වාසයකින් වැඩ කළා.ඉදිරි තරගාවලිවලදි මං ඕනිම මට්ටමක ක්‍රීඩකයෙක් එක්ක දිනන්න කරන්න පුළුවන් දේ සියයට සියයක් අන්තිම වෙනකම්ම කරනවා.එහෙම ලොකු නොසැලෙන විශ්වාසයක් මට මං සම්බන්ධයෙන්ම මේ තරගාවලිය තුළ ඇති වුණා.මාව පරාජය කරන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි වැඩිපුරම මටමයි.ඒ නිසා මාව වෙන කෙනෙක්ට පරාජය කරන්න ඉඩ නොදෙන්න උපරිමය කරන්න මං බලාපොරොත්තු වෙනවා.

ඔබට ඉදිරියේ දී තවත් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කීයක් විතර තියෙනවද ඔලිම්පික් සුදුසුකමට යන්න?

හයක් විතර තමයි ඔක්කොම.ඒ අතර විශාල ආඩම්බරයක් ගාල්ලෙ තියෙන තරගාවලි දෙකත්.එහෙම ජාත්‍යන්තර තරගාවලි පවත්වන රටක ක්‍රීඩකයෙක් වුණාමත් ලොකු හයියක්,අභිමානයක් ක්‍රීඩකයෙක්ට ලැබෙනවා-දැනෙනවා.මගෙ මිත්‍ර ඉන්දියන් ක්‍රීඩකයො එහෙම කතා කරලත් අහනවා මේ තරගාවලිය ගැන.ඔවුන්ට ලොකු අවබෝධයක් නැහැ කොළඹ හැරෙන විට ගාල්ල වගෙ ස්ථාන ගැන.එහෙම වෙන එක රටටත් හොඳයි.හිතන්න ක්‍රීඩකයෙක් එක්ක බොහෝ වෙලාවට ස්ටාෆ් එකක් එනවා.ඒ අයගෙන් රටට කොච්චර ආදායමක් ලැබෙයිද?

ඒ වගෙම මේ වැඩේ ඕනිම රටකට ඉල්ලලා සල්ලි පෙන්නලා කරන්න පුළුවන් දෙයක් කියලා මං හිතන්නෙ නැහැ.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාත්‍යන්තර වශයෙන් දිනා ගත්තු විශ්වාසය නිසා තමයි මේ වගෙ ජගත් තරගාවලියක් පවත්වන්න අවසර දෙන්නෙ.ඒකෙන් බැඩ්මින්ටන්වලට විතරක් නෙමෙයි රටටත් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්.

ලංකාවෙ තරගාවලිය ගැන විස්තර අහපු අයට මොනවද ඔබ කිව්වෙ?

මම එක පාරට කිව්වෙ නැහැ.කොළඹට වැඩිය ලස්සන මුහුදු තීරයක් තියෙන පැත්තක්.මම විශ්වාස කරනවා ඒ අය ආවම පිස්සු හැදෙයි කියලා මේ පරිසරය දැකලා.මම කුතුහලය හදලා, ඇවිත් බලාගන්න කියල තමයි කිව්වෙ.ඇත්තටම ඒක කියලා පැහැදිළි කරන්න පුළුවන් ලස්සනක් නෙමෙයි.එන අය නැවත නැවත ලංකාවට එන්න ආස කරන්න පුළුවන් පරිසරයක්.ඒ වගෙ තැනකට තරගාවලිය අරගෙන යාම රටේ සංචාරක ව්‍යාපාරයටත් වැදගත්.

මට ස්විඩනයෙදි සමහර වෙලාවට ශ්‍රී ලංකා කිව්වම එච්චර අවබෝධයක් නැති අය, නැත්නම් දන්නෙ නැති අයත් හම්බ වුණා.ඒ අය දැන් ලිස්ට් එකේ ශ්‍රී ලංකා තරගාවලියක් දකිනවා.එතකොට ඒ රට හොයන්න ගන්නවා.සමහර අය විස්තර දැනගෙන එන්න ආස කරයි.ක්‍රීඩාව කියන්නෙ ඉතිං රටකට එහෙම වැදගත්කමක් ගේන දෙයක්.

මේ තරගාවලිය ගැන මොකද්ද තියෙන බලාපොරොත්තුව?

ප්ලේයර් කෙනෙක් පරදින්න සෙල්ලම් කරන්නෙ නැහැ.හැමදාම දිනන්න ප්ලේ කරන්නෙ.ඒත් දැන් ඒ අදහස සහ හැඟීම ඉස්සරට වඩා සම්පූර්ණයි වගෙ හැඟීමක් දැනෙනවා.මේ තරගාවලියට පෙර මට ඉරාන තරගාවලියත් එනවා.මේ සියල්ලෙදිම උපරිමය කරන්නයි කැමත්ත.

ඔබට ඔලිම්පික් සඳහා අවස්ථාවක් තියෙනවද?

මං හිතන්නෙ මුල 60 අතර වගෙ ඉන්න වෙයි.දැන් පොඩි පසුබැස්මක් ආපු නිසා 82 වගේ ඉන්නෙ.ස්විඩන් තරගාවලියෙ පොයින්ට්ස් එක්ක ඒක ගොඩක් වෙනස් වෙයි.ඉස්සරහට තියෙන හැම තරගාවලියම පුළුවන් උපරිමයටම කරලා ජයග්‍රහණය කරලා ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.මං මේ තත්ත්වයට ආවෙ අවුරුදු 20 දි.ඒ ගැන මට සතුටුයි.එහෙම එන්න අවස්ථාව හදා දුන්න එක ගැන ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලටත් ස්තූතියි.ඒක තනියෙන් ක්‍රීඩකයෙක්ට යා හැකි ගමණක් නෙමෙයි.මම තව අවුරුදු 10 – 15 ක් කරදරයක් නැතුව බැඩ්මින්ටන් ගහයි.ඒ ගමණට අවශ්‍යය ටර්නින්ග් පොයින්ට් එක තමයි මං ස්විඩන් සීරිස් එකෙන් ගත්තෙ.තව ඉස්සරහට වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan