ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් වල යම් සාධාරණත්වයක් තියෙනවා – රමේෂ් පතිරණ

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ඉදිරිපිටදී, බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව (DAT) ආයුර්වේද වෛද්‍යවරුන්ට ද, ලබා දෙන ලෙසත් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුලික කර ගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් උද්ඝෝෂණයක නිරත වූ අතර , ඒ පිලිබදව අවධානය යොමු කල සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකුට තම ඉල්ලීම් පිළිබඳව සාකච්ජා කිරීම සදහා අවස්ථාව ලබා දෙන ලදී.

ඒ අනුව අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ජාවකට පැමිණි නියෝජිතයින් විසින් බටහිර වෛද්‍යවරුන් හට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසත්, සීමාවාසික ආයුර්වේද වෛද්‍යවරුන් වෙත පුහුණු දීමනාව ලබා දෙන ලෙසත්, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමටත්, රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ගේ ගැටලුවට විසදුම් ලබා ගැනීම පිලිබදවත් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.

එම කරුණු පිලිබදව අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත්තේ, ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස ඔබ ඉදිරිපත් කළ ඉල්ලීම් වල යම් සාධාරණත්වයක් තිබෙන බවත් එම ඉල්ලීම් පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශයට ඍජුව තීරණයක් ගැනීමේ හැකියාවක් නොමැති බවය .

ඒ පිලිබදව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ජා කොට එම ඉල්ලීම් ලබා දීමට ඇති හැකියාව පිලිබදවත් එම සාකච්ජාවන් වල ගනු ලබන තීන්දු තීරණ පිළිබදව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පැවසීය. අමතර දීමනා ලබා දීමේ දී ඒ පිලිබදව අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා වෙත අමාත්‍යවරයා මෙහිදී උපදෙස්ද ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...