ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හදිසියේම මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය බී.එල්. පීරිස් මහතා හදිසියේම ඊයේ (22) මියගොස් ඇත.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මෙසේ ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

කෘෂිකර්ම පීඨයට අයත් නිල නි‍වෙසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති ආචාර්යවරයා ඊයේ (22) අලුයම 1.00ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ.

ඒ මහතා මිය යනවිට 60 වන වියේ පසුවී ඇත,

මහාචාර්යවරයාගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පොලිසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...