වෙඩි වැදුණු හිමිනම අපවත් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ගම්පහ, මල්වතු – හිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරයේදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, 43 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන නම්වූ උන්වහන්සේ අපවත්වී ඇත.

වැලිවේරිය විහාරස්ථානයක වෙසෙන උන්වහන්සේ තාවකාලිකව කහටාන ගණාරාම මහා විහාරයේ සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

උන්වහන්සේ දහවල් දානය වලඳමින් සිටින අතරතුර විහාරස්ථානයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට පොලිසියෙන් බව පවසා පැමිණි පිරිසක් වෙඩි තබා මෝටර් රථයකින් පලාගොස් ඇතැයි සදහන් වේ.

වෙඩිතැබීමට ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...