*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සෙට්එක හොයන්න පොලිස් මෙහෙයුමක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): දකුණේ පාතාලය මෙහෙයවන කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සෙට්එක හොයන්න පොලිසිය සැරසෙන බව වාර්තා වේ,

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසල පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් නිළධාරීන් පිරිසකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ සාකච්ඡාවක් 2024.01.23 වන අද දින උදෑසන මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පවත්වා ඇති බව සඳහන් වේ.

මෙම මාර්ගගත සාකච්ඡාව සදහා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීන් පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වු වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නැමැති අය සහ අනෙකුත් මරණකරුවන් 2022.06.05 වන දින කුඩාවැල්ල ධීවර වරායේ අසේල සම්පත් නැමැති අය වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවට අධිකරණයේ පෙනී සිටිම සදහා තංගල්ල අධිකරණය වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමති යන විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පවතින ගැටුම් වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම ඝාතනය පත්වු සමන් පෙරේරා ඇතුළු පාර්ශවය විසින් 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේදී කොස්ගොඩ සුජී ගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සහ 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේදී ඔහුගේ ඥාතියෙකුද ඝාතනය කිරීමට මෙම සමන් පෙරේරා නැමැති අය සම්බන්ධ බවත්ය. එම ඝාතනයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස කොස්ගොඩ සුජී විසින් 2018 වර්ෂයේදී ඉදුරුව ප්‍රදේශයේදී සමන් පෙරේරා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇතත් එම ඝාතන තැත ව්‍යර්ථ වී ඇත.

අපරාධය සිදුකිරීමෙන් පසු අංක 65 – 2615 දරණ ජීප් රථයෙන් සැකකරුවන් පළායන ආකාරය CCTV දර්ශන ඔස්සේ නිරීක්ෂණය කර, එක් සැකකරුවෙකුගේ ඡායාරූප මේ වන විටත් සොයා ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය (AFRS) වෙත සැකකරුගේ ඡායාරූපද යොමු කර ඇත.

මේ අතර, දකුණේ අපරාධ රැසකට සම්බන්ධ විදේශගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැති අයගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහාය ලබාදෙන සියලුම සහායකයින්ගේ ජාලගත විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති අතර, මෙම ඝාතනය ලක්ව ඇති සමන් පෙරේරා නැමැති අයට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ අධිකරණයේ විභාග වන නඩු රැසක් පැවැති බවටත් මේවන විට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ විමර්ශන කණ්ඩායම් 06 ක් පත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය ඇතුළු විශේෂිත අංශ කිහිපයක සහාය ද ලබාගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan