උප්පැන්න පුරවැසිභාවය අවසන් කිරීමේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය අධිකරණය අවහිර කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සංක්‍රමණිකයන් පලවා හැරීමේ විශාලතම පිටුවහල් කිරීම කරන බවට කරන ලද මැතිවරණ පොරොන්දුව අනුව යමින්, එළඹෙන පෙබරවාරි මස 19 වැනිදා සිට බලාත්මක වීමට නියමිතව තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද සංක්‍රමණිකයන්ගේ දරුවන්ට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා නොදීමේ විධායක නියෝගය සියැටල් හි ෆෙඩරල් දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වන ජෝන් කෝග්නෝර් විසින් තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කරමින් අවහිර කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් මෙම විධායක නියෝගය මඟින් එක්සත් ජනපද ආයතනවලට නියෝග කළේ ඔවුන්ගේ මව හෝ පියා එක්සත් ජනපද පුරවැසියෙකු හෝ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු නොවේ නම් එක්සත් ජනපදයේ උපත ලබන දරුවන්ගේ පුරවැසිභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

කෙසේ නමුත්, මෙම නියෝගය දැනටමත් සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් සහ ප්‍රාන්ත 22 ක ඩිමොක්‍රටික් නීතිපතිවරුන් විසින් නඩු පහකට විෂය වී ඇති අතර ඔවුන් හඳුන්වන්නේ මෙය එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ පුරවැසිභාවය පිළිබඳ වගන්ති අමු අමුවේ උල්ලංගනය කිරීමක් වශයෙන් හඳුන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...